වසර 39කට පසුව, මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයට සැරසෙන ලාංකීය සිනමාව
44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීමට මෙරට සිනමා නිර්මාණයක් සුදුසුකම් ලබා තියෙනවා. ඒ වසර 39කට පසුවයි. මෙම සිනමා උළෙල අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ඊට සුදුසුකම් ලබා ඇත්තේ අනුර ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.
ලොව පවතින ප්‍රකට සිනමා උළෙලවල් අතර රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන මෙම සිනමා උළෙල ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලවල් අතරින් එකක් වෙනවා. නිල දැනුවත් කිරීම්වලට අනුව මාරියා චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම සිදුකිරීමටද නියමිතව ඇත්තේ එම සිනමා උළෙලේදීමයි. මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ මෙහි සියලුම දර්ශන මුහුද මැද රූගත කර තිබීමයි.
එමෙන්ම මෙය කාන්තා භූමිකාවන්ගෙන් තොර වූ නිර්මාණයකි. ඉන්දුනීසියාවේ ධීවර කණ්ඩායමක් මුහුණදුන් අත්දැකීමක් මෙලෙස ප්‍රතිනිර්මාණය කර තිබීමද සුවිශේෂීය. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක යන අය මෙහි රංගනයෙන් දායක වේ.
පහතින් දැක්වෙන්නේ නිර්මාණයේ රූ සටහන් කිහිපයකි.