විවාහය ගැන චානුකට තියෙන අමුතු අදහස. සංස්කෘතිය ගැන නොහිතා ගන්න හදන අපූරූ තීරණය
චානුක ප්රබුද්ධ කියන්නෙ මේ දිනවල ඉතමත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්. ඒ වගේම ඔහු ඉදිරියේදී සිනමා නිර්මාන හරහා දැක ගැනීමේ හැකියවත් තියෙනවා. චානුක විවාහය ගැන ඉන්නෙ වෙනම ස්ථාවරයකලු.ඔන්න එයා කැමති ස්ටයිල් එකට ඉන්න පුළුවන් ගෑනු ළමෙකුට අවස්ථාව තියෙනවා එයාව විවාහකරගන්න. බලන්නකො එයා විවාහය ගැන කියන කතාව.
"මම දැකලා තියෙන ලෝකය එක්ක විවාහ වෙන්න අදහසක් නැහැ. මම ඉන්නවා නම් ලිවින් ටු ගෙදර් තමයි ඉන්නේ. කෙනෙක් මා එක්ක තර්ක කරන්න පුළුවන් මේ තියෙන සංස්කෘතියත් එක්ක අපි බඳින්න ඕනේ කියලා. එහෙම කියන ගොඩක් අයගේ ඇත්ත ජිවිතවල තත්ත්වය මමත් පෞද්ගලිකව දන්නවා. ඒ ඇත්ත හංගගෙන තමයි ඒ අය කතා කරන්නේ. මම දකිනවා මේ සමාජයේ ගොඩක් අය කසාද බැඳලා තියෙන්නේ නමට විතරයි. මට එහෙම වෙන්න කිසිම උවමනාවක් නැහැ. මට මගේම කියලා දැනුණොත් කාලයක් ලිවින් ටු ගෙදර් ඉඳලා තමයි කසාදයකට යන්නේ. ඒත් ඒ දේට දැන්ම නම් අදහසක් නැහැ."