වෙලාවකට පට්ටම ඇණයක්, එයාට වඳින ගාථාවකුත් මම හදලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අක්කා - මල්ලි සහෝදර බැඳීම ගැන විශේෂයෙන් කියන්න ඕනි නෑනෙ. එහෙම සහෝදර බැඳීමක් තියෙන කවුරුත් දන්නවා ඒ ගැන. රණ්ඩු එහෙම නම් ඉවරයක් නෑ. හැබැයි දෙන්නට දෙන්නා නැතුවත් බෑ. ඔය ගැන කියන්න හිතුණෙ තීක්ෂණ අනුරාධ සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණු සටහනක් නිසයි. බලන්නකො මේ කතාව කියවලාම.

"එදයි අදයි.

ඔය පනාව දාගෙන ඉන්නේ මම.

බාගෙට ඇස් වහගෙන ඉන්නේ මගේ අක්කා.

එයා මට ගොඩාක් ආදරෙයි. හැබැයි එක වෙලාවකට පට්ටම ඇණයක්. අක්කලා ඉන්න මල්ලිලා දන්නවා ඒක.

එයාට වඳින ගාථාවකුත් මම හදලා තියෙනවා.

අම්මා නැති කලට
බත් උයලා දෙනවා මට
ආයු දීඝං වස්සසථං
අක්කා පදං නමා මහං
අද එයාගේ උපන්දිනය.

Happy birthday sis!! "