විරෝධතා භූමියට ප්රවීණ ගායන ශිල්පිණි නන්දා මාලිනී මහත්මියත් එක් වෙයි
ආණ්ඩුවට එරෙහි විරෝධාතාවයන්ට සහාය පළ කරමින් ගාලු මුවදොර විරෝධතා භූමියට ප්රවීණ ගායන ශිල්පිණි නන්දා මාලිනී මහත්මියද ඊයේ උදෑසන එක්වුණා. තරුණයින් එක්ව රට පුරා නඟන හඬ ජයග්රහණය කරා යන දිනය වැඩි ඈතක නොවන බව ද පැවසු ඇය එයට ශක්තියක් වීමට තමා ද විරෝධතාවයට එක්වූ බවයි සදහන් කළේ.
මෙහි දී ගීය කීපයක්ද ගායනය කරමින් ඇය පවසා සිටියේ, එම ගීත වෙනදාට වඩා අද සිටින දරුවන් ට හොඳින් වැටහී ඇති බවයි.
නන්දා මාලනියගේ පැමිණීමත් එක්ක අරගලයට නව පණක් ලැබුණු සැටියි අපි දැක්කේ. ඇය පැමිණියේ රටක් ආදරය කරන ඇයගේ හඬත් අරගල භූමියට මුසුකරමින්. ඒ විතරක්ම නෙවෙයි ඇය එහි සටහනක් තබා යන්නත් අමතක කරලා තිබුණෙ නෑ.