’’වැරදියි තමයි, වරද පෙන්වූ සියලු දෙනාටම ස්තූතියි - හැමෝම පෙන්වා දුන්නු, නලීන් පෙරේරාගේ වැරැද්ද
මේරියන්ස් නායක නලීන් පෙරේරා ඇතුළු කලා තරු කිහිපදෙනෙක්ම කැන්ගරු දේශය බලා පිටත්ව ගිහින් ඉන්නේ. ඒ "තාම 35යි" මේරියන්ස් සජීවි ප්රසංගය සඳහා. ඉතින් නලීන් පෙරේරාගේ දියණියත්, පුත්රයාත් වෙසෙන්නේ කැන්ගරු දේශයේ බව ඔබ දන්නවනෙ. මේ ගමනේදී ඔවුන් එක්ක සොඳුරු මොහොතක් ගතකරන්නත් ඔන්න අවස්ථාවක් ලැබිලා. ඒ ගැන වඩාත් පැහැදිලියි මුහුණුපොතට එකතු කරන ඡායාරූපවලින්. The BEST feeling… කියන සටහනකුත් එක්ක ආදරණීයන් සමඟ එකතු කළ එවැනි ඡායාරූප කිහිපයක් අපේ ඇස ගැටුණා.
ඒත් එක්කම තවත් කතාවක් දකින්න ලැබුණා.
ඒ තමයි නලීන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ එක් ඡායාරූපයක ඔහු සිටින්නේ ඒ අසළ වූ පුටුවක් උඩ කකුළ තියාගෙන. සපත්තුත් දාගෙන මේ විදියට හදිසියේම ඡායාරූපයකට පෙනීසිටීම ගැන ඔහු සමාව ඉල්ලා තිබුණා. ඔහුගේ මේ නිහතමානී බවට පැසසුම් සහිත ප්රතිචාර ලැබී තිබෙන අයුරුත් ඒත් එක්කම අපිට දැකගන්න ලැබුණා.
"හදිස්සියේ ගත් photo එකක්. වැරදි තැනක තමයි කකුල තියලා තියෙන්නේ. වරද පෙන්නු සියලුදෙනාටම ස්තුතියි "