වියෝවුණු පියාගේ උපන්දිනයදා පියුමි බොතේජු තැබූ සටහන
ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පියා මීට මස කීපයකට කලින් මෙලොව හැර ගිය බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊයේ ඇගේ පියාගේ උපන්දිනය. උපන්දිනයදා ඇය පියා ගැන මතකය අවදි කර සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහන.
"අද ඔයාගේ උපන්දිනය තාත්තී. වෙනදා උපන්දිනය දවසේ මං කිස් එකක් දීලා ඔයාට විෂ් කරනකන් ඔයා බලා ඉන්නවා. මං බොරුවට දවස අමතක වුණා වගේ ටිකක් වෙලා ඉන්නවා. ඒ වෙලාවට ඔයා හොරෙන් මගේ දිහා බලා ඉන්න හැටි. අපි කතා වෙලා හිටියේ පිරිතක් කරන්න නේද තාත්තී?.
මගේ පණ ඔයාගේ ආදරේ නැතුව හරිම අමාරුයි තාත්තී
Happy Birthday Boteju."