වෙනස්ම විදිහකට උපන්දිනය සැමරූ පුබුදුගේ බිරිඳ මාෂි සංවේදී වෙයි
මාෂි සිරිවර්ධන, එහෙම නැත්තම් පුබුදු චතුරංගගේ බිරිඳ කිව්වම ඇයව ඔබ නොදැන ඉන්න විදිහක් නෑ. මේ වෙනකොට, රිදී තිරයටත් ගොඩ වැදිලා ඉන්න මාෂි බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත රුවැත්තියක් බවට පත්වෙලා. මෙදා ඇය සියලු දෙනාට ආදර්ශයක් වෙමින් ඇගේ උපන්දිනය වෙනස් ම විදිහට සමරලා තිබුණා. ඒ ගැන ඇය ෆේස්බුක් තැබූ සටහනයි මේ.
“මගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැත්ම් එකකල හැමෝටම ස්තූතියි” මෙවර ඒ දිනය ආදරනීය මව් වරුන් වෙනුවෙන් වෙන් කරන්නට මං තීරනය කලා. අපි හැමෝටම අමාරු කාලයක් උනත් එහෙම කාලෙකදි එකිනෙකාට උදව් කර ගැනීම අපේ යුතුකමක් නිසාත්, මං උපන්දින සමරන්න ආසම විදිහ මේක නිසාත් අපි පුලුවන් විදිහට අපේ ගමේ (අත්තිඩිය) මාතෘ සායනයට දහවල් පෝෂ්‍යය දායී ආහාර වේලක් සහ සහල්, ඇතුලු වියලි ආහාර මල්ලක් ලබා දෙන්න හිතුවා. මම උපදින්න ඉන්න කොට අපේ අම්මිත් මුලින්ම ඇවිත් තියෙන්නේ මෙතෙන්ට ඒ නිසා මේක මට ගොඩක් විශේෂයි. මේ ආදරනීය අම්මලාගේ උපදින්න ඉන්න දරුවනුත් රටට සමාජෙට වැඩදායි ආදරනීය දරුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උපන්දින පාටියක් දාලා ලැබෙන සතුටට වඩා ගොඩක් ලොකු, සදාකාලික සතුටක් ඒ අම්මලා එක්ක අපි ලැබුවා. අපි හැමෝම මේ කාලේ මෙහෙම පුලු පුලුවන් විදිහට අනිකාට උදව් කර ගන්න එක ලොකු දෙයක්. ඉතිං, මේ හැම පිං කමකම මගේ හෙවනැල්ල වගේ ඉන්න ආරනීය Pubudu Chathuranga ට සහ මගේ ආදරනීය අම්මිත් තාත්ති ඇතුලු පවුලේ සියලු දෙනාටත් අත්තිඩිය මාතෘ සායනයේ හෙද කාර්ය මණ්ඩලයටත් හද පිරි විශේෂ ස්තූතිය.
මේ පිං කමට නන් අයුරින් දායක වූ සියලු දෙනාටත්, උදව් උපකාර කරපු අයටත්, වචනයකින් හෝ දායක වු හැමෝටමත් ගොඩක් පිං. මේ සද්ක්‍රියාව දැක සිත පහදවා ගන්නා ඔබ සැමටත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.