වනිඳු හසරංග පෙම්වතියත් සමඟ ඡායාරූපයක් මුහුණුපොතේ පළ කරයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දි ක්‍රීඩක වනිඳු හසරංග ගැන පසුගිය වකවානුවේම කාගේත් අවදානයට ලක්වුණා. ඒ ඔහු IPL තරගාවලියේ ඉහළම මිලකට අලෙවි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වීම ඇතුළු ඔහුගේ විවිධ ජයග්‍රහණ හේතුවෙන්.
හැසිරීමෙන් සහ කතාබහෙන් ඒ තරම් කලබලයක් නැති වනිඳුගේ පෞද්ගලික ජීවිතය ගැන නම් ඒ තරම් කතාබහක් තිබුණේ නැහැ. නමුත් පසුගියදා ඔහුගේ පෞද්ගලිය ජීවිතය ගැන යම් ඉඟියක් වනිඳුගේ ප්‍රේක්ෂකාගාරයට ලැබෙන විදිහේ ඡායාරූපයක් සමාජ ජාලාවල සංසරණය වුණා. ඒ වනිඳු සහ ඔහුගේ පෙම්වතිය යැයි සිතිය හැකි තරුණියක් එක්ක වනිඳු ගත්ත ඡායාරූපයක්.
ඒ ඡායාරූපය වනිඳු මුහුණුපොතට එකතු කරපු මොහොතේ සිට සියලුදෙනා ඔහුට සුබපතලා තිබුණා.
ඇය වනිඳුගේ පෙම්වතියද? නැත්තම් හිතවතියක්ද? නැත් නම් ඥාති සහෝදරියක්ද?
මේ ප්‍රශ්නවලට උත්තර දන්නේ වනිඳු තමයි.