වෙනදට අද දවස අපි හරි ආසාවෙන් සමරනවා, ඒත් අද වැඩිපුරම සතුටුවෙන කෙනා ගෙදර නෑ
පියුමි බොතේජු නම කාටත් අලුත් නමක් නෙවෙයිනෙ. මේ දවස්වල ඇය ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරන්. ඊට හේතුව ඇගේ ආදරණීය පියාණන් රෝහල්ගතව සිටීමයි. ඒ ගැන ඇයම සමාජ මාධ්‍යයට සටහන් සහ ඡායාරූප එකතු කර තිබුණා. අද ඇයගේ මව උපන්දිනය සමරනවා. ඒ ගැන මේ විදියට ඇය කතා කරලා තිබුණා.
අද අම්මිගේ උපන්දිනය, වෙනදට අද දවස අපි හරි ආසවෙන් සමරනවා. ඒත් අද වැඩිපුරම සතුටුවෙන කෙනා ගෙදර නෑ. උපන්දිනයට මාස දෙකකට කලින් අපි මේ පිං කමට දින නියම කරගත්තා. 24 වෙනෙදා හවස ගමේ දන්න කියන අයයි අම්මිගේ නංගිලා මල්ලිලයි එකතු වුනා පන්සලට, මල් පිංකම විහාරාධිපති රිපුලානන්ද ස්වාමින් වහන්සේ හරි අපුරුවට සිදුකලේ රෝහල්ගතව ඉන්න තාත්තිට සෙත්පතමින්
ධර්ම දේශනාව සිදුකලේ කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ විහාරාධිපති රම්මලේ අරියවිසුද්ධි ස්වාමින්වහන්සේ විසින්
උපන්දිනය වෙනුවෙන් ධර්මාසනයක් සඝසතු කිරිමට කාලයක් පුරා ආසාවෙන් හිටිය අම්මිට ඒ ආශාවත් ඉෂ්ට කරගන්න ලැබුනා.
පිංකම සදහා පැමිනි සියලු සැදැහැවතුන්ට සුප් දන්සලක් පැවැත්වුවා. ඒ සදහා විශේෂයෙන් ස්තුතිවන්නත වෙනවා මායාදුන්න මහත්මියට ඒ වගේම ප්‍රණිතව සුප් සකසා දුන් අරංගල BMS kingdom of Taste ආයතනයේ සියලුදෙනාටම