වින්ඩිගෙයි සනුකගෙයි විවාහය ළඟයි වගේ
සනුක වික්‍රමසිංහ කියන්නේ මෑත කාලයේදී තරුණ තරුණියන් වශී කරගත් ගායකයෙක්. ඒ වගේම ඔහු සංගීත නිර්මාපකයෙක්. රූකාන්ත ගුණතිිලකගේ ආදරණීය දි්‍යණිය වින්ඩි ගුණතිලක සමග සනුකගේ ප්‍රේම කතාව දැන් නම් නොදන්න කෙනෙක් නැහැ වගේ. වින්ඩිත් මේ වෙද්දි ගායන ශිල්පිනියක් ලෙස නැගීගෙන එනවා. සනුකට වගේම වින්ඩිටත් ආදරය කරන රසික පිරිසක් මේ වෙද්දි හැදිලා තිබෙනවා. මේ දෙදෙනාගේ ප්‍රේම කතාවටත් රසිකයින් ආදරය කරනවා.
කෙසේවෙතත් වින්ඩි සහ සනුක ගායනා කරන 'මනාලි' ගීතය පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. මනාලී ගීතයේ පද රචනය, සංගීතය නිර්මාණය කර තිබෙන්නේ සනුක විසින්. බොහෝ දෙනා පවසන්නේ මනාලි ගීතය එළිදැක්වූයේ සනුකගේත් වින්ඩිගේත් විවාහය ළඟදීම සිදුවන බව රසිකයන්ට පවසන්නට බවයි.
එම ගීතය පහතින්.