වගකීමෙන් කියන්නෙ මේක කළේ ජවිපෙ එකෙන් - ඉරාජ්ගෙන් හදිසියේම ඇඟ හිරිවැටෙන විදිහේ හෙළිදරව්වක් මෙන්න
පසුගිය දවසක ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, ඔහු ඒ පිළිබඳව අතිශය සංවේදී හෙළිදරව්වක් ද සිදු කර තිබුණා. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණ බවයි ඉරාජ් සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ. මේ අතර, ඉරාජ් වීරරත්න යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නැවතත් මේ බව තහවුරු කළා. එසේම ඔහු තවත් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළි කර තිබුණා.
එම සාකච්ඡාවෙන් කොටසක් පහතින් බලන්න..
ඉරාජ් සංවේදී වුණේ ඇයි ?
මාත් එක්ක කාලා බීලා අපේ ගෙදර නැවතිලා හිටපු මිනිස්සු පවා, අම්මාගේ කෑම එක කාපු, මාස ගාණක් නැවතිලා හිටපු මිනිස්සු පවා ඇඩ්රස් ශෙයා කළා මමට ගහපන් කියලා. මගේ යාලුවෝ.... මාත් එක්ක කන බොන, මා එක්ක සිංදු කරපු. මේ සියලුම දෙනා... ඇත්තටම ගොඩක් කලාකරුවෝ මගේ පැත්ත ගත්තා. ගොඩක් අය දාලා තිබ්බා, කෝ ඉරාජ්ගේ ගෙදර කුඩු කරලා නෑනේ කියලා. මම සංවේදී වුණේ, ඒ මගේ අම්මාගේ ගෙදරනේ. හැබැයි මම වැටෙන් නෑ. මාව සාමාන්‍යයෙන් මාව වට්ටන්න එපා. මගේ වීක් පොයින්ට් එක දෙමව්පියන්..
මේ දේ වුණේ ඔබ කරපු දේවල් නිසාලූ...? මිනිස්සුන්ට අපහාස කරපු නිසා ලූ ?
මම පුද්ගලයින්ට අපහාස කළේ නෑ. මම කළේ දේශපාලන මතයක් දැරීම යි. ඒක මගේ ආර්ට් එකෙන් මම පෙන්නුවා. ඒක ඒ දවස්වල ඇක්සෙප්ට් කළේ නැද්ද? හැට නම ලක්ෂයක් ඡන්දේ දුන් නැද්ද? මොකද්ද මං කරපු වරද? ඒ දවස්වල ආණ්ඩුව එක්ක ෆයිට් කළා. මට කොච්චර වද දුන්නද ඒ දවස්වල... දැන් වෙනකොට ආණ්ඩුවෙන් හම්බ කරගත්ත කලාකරුවෝ පවා සද්ද නෑ. බයවෙලා. නාමල් මගේ හොඳම මිතුරෙක්. රාජපක්ෂලා ළඟින් ආශ්‍රය කරලා නෑ. මට ආණ්ඩුවෙන් තනතුරකුත් දුන්නනේ...
කලාකරුවෝ ස්වං විවේචනය කරන එක වැරදිද ?
අරගලයට ගිහින් දැන් ගෝඨා ගෝ හෝම් කියන අය ආණ්ඩුවෙන් හොඳට හම්බ කරගත්ත අයනේ. හොඳට හම්බ කරගෙන දැන් අනිත් පැත්තට බනිනවා.
මල් ගවුමක් ඇඳපු එක ගැන පසුතැවෙනවද ?
මියුසික් වීඩියෝ එකේ මල් ගවුමක් ඇඳපු එක ගැන පසුතැවෙන් නෑ. ඒකෙන් මම කළේ, ඒ වෙලාවේ රටේ තිබ්බ දූෂිත දේශපාලනය ගැන ගීතයක් කළා. ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්. සමාවෙන්න කියලා අඬනවා ඔක්කොම.. ඒ කියලා වැඳගෙන ගිහින්.... හම්බකරගෙන ගිහින්... මං දන් නෑ මට නම් එහෙම කරන්න බෑ. මට තනතුරක් දුන්නනේ. මම අයින් වුණේ ඒකනේ. මම විවේචනය කළේ ඒකනේ. ඕගොල්ලේ ගූගල් කරලා බලන්න. මම අරගලයට නොගිය හේතුව තමයි, ඒක පටන් ගත්තෙ නියම කොල්ලො කෙල්ලො ටිකක්. එයාලට ඕනි වුණෙත් මේ සිස්ටම් එක වෙනස් කරන්න. අපිටත් ඕනි ඒකමයි. ඒක හැබැයි වෙනස් වෙන් නෑ. අරගලයේ ඉන්න ළමයින්ව පාවිච්චි වුණා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී අය ඒ අයව යූස් කළා. මේ නිසා වෙච්ච විනාශය දැක්කද? ලැම්බොගිනි ගිනි තියනවා දැක්කද? මිනිස්සු කීයක් අඬනවද? ඇවෙන්ඩ්‍රා එක ගිනි තියලා. අහිංසක ජර්මන් ෆැමිලි එකකට වෙච්චදේ දැක්කද ? ළමයින්ගේ ඉගෙන ගන්න පොත් එහෙමත් පුච්චලා. අද විනාශයක් වෙලා. අද ආමි එකෙන් එන වාහන නවත්තනවා මුන් කඩු තියාගෙන. ඔයා දන්නවද එදා අරලිය ගහ මන්දිරේ ගහපු දවසේ, මාව අහුවුණා හරියටම පිත්තල හන්දියේ දී. පාන්දර පහයි හතළිස් හතරට. කඩු තියාගත්ත තිස් දෙනෙක්. ඒ තිස්දෙනා මම වාහනේ යනකොට (මම සිකියුරිටි අරන් යන් නෑනේ. තව කෙනෙක් හිටියා.) අපෙන් අයිඩී එක ඉල්ලුවා. පස්සෙ වාහනේ චෙක් කරන්න ඕනි කිව්වා. එක්කෙනෙක් මාව දැක්කා. දැක්ක ගමන් උන් පොලු වලින් ගැහුවා වාහානෙට. මම අපේ එකාට කිව්වා රේස් කරගෙන පලයන් කියලා. එදා නූලෙන් බේරුණා. එදා අහුවුණා නම් මර.. නවා. ජනතා විමුක්ති පෙරමුණ කළේ. වගකීමෙන් කියන්නෙ... මුන් ත්රස්තවාදීන්. අර සිදුවීම වෙලා ලස්සනට රට පුරාම කෝඩිනේට් වුණා පට පට ගාලා. ගිනි තියන්න පටන් ගත්තා. මේවා වුණේ වට්ස්ඇප් හරහා. මේවා බලද්දි මිනිස්සු මට බනී. උමන්දාවට ගැහුවෙත් ජනතා විමුක්ති පෙරමුණ. ඇතුළට ආවේ ජවිපෙ. වගකීමෙන් කියන්නෙ. මෙහෙම නීතිය අතට ගන්නෙ කොහොමද? හැංඟිලා හිටිය අන්තවාදීන් එළියට බැහැලා තමයි මේ විනාශ කළේ.
ගෝඨාභය තෝරා ගැනීම හරි කියලා මම හිතනවා. ගෝඨාභය ගෙදර යවන එක තීරණය කරන්න ඕනි ඡන්දෙකින්. අනුර කුමාර කවදාවත් ආණ්ඩු බලයක් ගන් නෑ. හැමදාම ඕනි අවුස්සන්න. ගෝඨාභයගේ සමහර ඩිශිසන් ඉඳලා ප්‍රශ්නයක් වුණානේ. පොහොර ගැන ඩිශිසන් එක හරි. හැබැයි ඒකට කවුරුත් මෙයාට උදව් කළේ නෑ. සිස්ටම් චේන්ජ් කිව්වට අපි කරන්න දෙන් නෑනේ. අපි ඉතින් හැමදාම වහ කකා ඉමු.