වික්ටර් රත්නායකගේ ආදරණීය මාමණ්ඩිය, හෂිනිගේ පියා ජීවන ගමන නිමාවට පත් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වික්ටර් රත්නායක කියන්නෙ ප්‍රවීණ සංගීතඥයෙක් වගේම ගායන ශිල්පියෙක් විදිහට ගෞරවයට පාත්‍ර වන කවුරුත් දැන අඳුනන දැවැන්ත චරිතයක්. වික්ටර්ගේ ආදරණීය බිරිඳ හෂිනි රත්නායක. පසුගිය දවසක හෂිනිගේ ආදරණීය පියාණන් සිය ජීවිත ගමන නිමාවට පත්කොට තිබෙනවා. ඒ වෙනුවෙන් ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තැබූ සටහනයි මේ.

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ආදරණීය බිරිඳ වන හෂිනි රත්නායකගේ පියාණන් වූ සිසිර අමේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වේ.
දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ විලියම් අමේන්ද්‍ර සහ මියුසියස් විද්‍යාලයේ කීර්තිමත් නෙට්බෝල් ක්‍රීඩිකාවක් වූ නෙලී ද සිල්වා යුවලට දාව 1931.12.18 වැනි දින පුතුන් නම දෙනෙකුගෙන් ‍යුත් ගාල්ල අමේන්ද්‍ර පවුලේ වැඩිමලා ලෙස ඔහු උපත ලබා ඇත. ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවන් වූ මේ සොහොයුරන් නම දෙනාම පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙන ක්‍රීඩකයෝ වූහ. 1957 වසරේදී සිසිර අමේන්ද්‍ර ද එම කණ්ඩායමේ නායකත්වය දැරූ සේම එකම පවුලේ පස් දෙනෙක් එක විට එකම කණ්ඩායමක ක්‍රීඩා කර තිබීම ද පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ එක්තරා ප්‍රබල වාර්තාවකි.
වෘත්තීයෙන් මිනින්දෝරුවරයෙකු වූ ඔහු විවාහ වූයේ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වූ රෝහිනී ද සිල්වා මෙනවිය සමග ය. ඔවුන්ට දියණියන් තිදෙනකු වන අතර අප දේශයේ ජේෂ්ඨතම ගාන්ධර්වයෙකු වන ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ප්‍රිය බිරිඳ ලෙස අප වර්තමානයේ හඳුනන හෂිණි එම පවුලේ බාල දියණිය වේ.
තම අවසාන මොහොත වන තෙක්ම ඉතාමත් නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වූ අමේන්ද්‍ර පියාණන් මිය යන විට 86 වන වියෙහි පසුවීය. අවසාන කටයුතු අද (සිකුරාදා 27) දින ප.ව 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
මා කිසිදින හෝ ඔහු හමුවී නැතත් මා විසින් ගත් හිතාදර හෂිනිගේ ඡායාරූපයක් සහ ඇය එවූ පියාණන්ගේ ඡායාරූප පෙළක් සමග මෙම පුවත් සමාජ මාධ්‍ය වෙත ගෙන එනුයේ ඇය වෙනුවෙන් අපට ඇති හෘදයාංගම හිතවත් බව නිසාවෙනි.
ඇයගේ ආදරණීය පියාණන්ට අජරාමර නිර්වාණ සුවය වැඩි ඈතක නොවේවායි පතමි !!!