ලස්සන මලක් වෙලා පිපෙන හැටි ගැන කියන ත්‍රිකලා
කටු පදුරු විතරක් නෙවෙයි මඩ වගුරු මැද්දෙන් එරී ගෙන යනකොට ගල් මුල් වැදුනු අවස්ථාද ඕනා තරම් තිබුනා.. !!
ඒ ගල් ටිකයි මඩ ටිකයි ඔක්කොම එකට එකතු කරලා අද මම හදපු මාලිගාවට ලස්සන හීන ගොඩක් ඇවිල්ලා ඉන්නවා...."
ඇය ධනාත්මකව ජීවිතය දිහා බලන කාන්තාවක්. විවේචන කොයිතරම් ආවත් අත්නොහැර ඉස්සරහටම යන ගමනක් ඈට තියෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සිය රසිකයින්ගේ ජීවිත හදාගන්නත් දෙන උපදෙස් සෑහෙන්න. මේ සටහන අපේ ඇස ගැටුණෙත් ත්‍රිකලා තැබූ එවැනි සටහනක් ඇසුරින්.
"දුශ්කරයි කියා හැර යායුතුද ජීවිතය
කටු පදුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස
පුංචි කාලේ මගේ පාඩම් කරන මේසය ලග ලියලා තියාගත්තු එකක් !!!
කටු පදුරු විතරක් නෙවෙයි මඩ වගුරු මැද්දෙන් එරී ගෙන යනකොට ගල් මුල් වැදුනු අවස්ථාද ඕනා තරම් තිබුනා.. !!
ඒ ගල් ටිකයි මඩ ටිකයි ඔක්කොම එකට එකතු කරලා අද මම හදපු මාලිගාවට ලස්සන හීන ගොඩක් ඇවිල්ලා ඉන්නවා.
එයාලට නිරූපණය විතරක්ම නොව ජීවිතයද උගන්වන්නේ ඒ කටු පදුරු උඩින් යනවිට ඇතිවන හීරීම් අඩු කරලා මඩ ගොහොරු තියන තැන් කලින්ම පෙන්වලා දීලා එයාලාගේ ජීවිත ගහේ මල් පිපෙන කාලය බලන්නට හිතේ තියන ආසාව නිසාවෙන්මයි ....!!!