ලස්සනම කෙල්ලන් අතරින් කිරුළු පැළඳූ කසුනිකාගේ මරණයේ අභිරහස මොකද්ද ?
2015 විවාහක ආසියානු රූ රැජින ලෙසින් කිරුළු පැළඳූ කසුනිකා වික්‍රමාරච්චි හදිසියේ නික්ම යාම මේ වන විට මුලු මුහුණු පොතම සංවේදී කළ පුවතක් බවට පත්වෙලා. ඇය සිය දිවි හානි කරගෙන ඇති බවටයි සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වුණේ. කොහොම වුණත්, ඇගේ තනි නොතනියට උන් බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් සංවේදී සටහන් පළ කර තිබුණා. මේ අතර, ඇගේ දේහය දැක්වෙන සංවේදී ඡායාරූප පෙළකුත් අපට හමුවුණා. (කොහොම වුණත් ඇය සියදිවි නසාගත්ත හේතුව මෙතෙක් හෙළි වී නැහැ.)
මෙච්චර ඉක්මනට යයි කියලා හිතුවෙ නෑ කසූ
නිවන්සුව ලැබේවා
ඇස් දෙකෙන් දකින්න පුලුවන් ලොකෙ ගොඩාක් විශාල උනාට ,
හිතින් දකින්න පුලුවන් ලොකේ ගොඩාක් පුංචියි කසූ
ඒකයි දෙවියො අපිට බැදීම් කියලා දෙයක් දෙන්නෙ,
බැදීම් ශක්තිමත් වන තරමට අපේ ලෝකවල් ගොඩාක් විශාලයි
බැදීම් නැතිවන තරමට , තනිවන තරමට ඒ ලෝකෙ කොච්චර ලොකු උනත්, විශාල උනත් , අපි අතරමං වෙනවා.
කෝටියක් සෙනග පිරිවරාගෙන හිටියත් මට මන් විතරයි කියන හැගීම එනවා,
ඒ උපරිමයට් එන්නෙ අපි නොදැනුවත්මයි .
ඔයාගෙ ලෝකෙ ඔයා හරි කසූ, නමුත් ඉවසන්න බැරිම තැන ඉවසීම , ඔයාට තව පාරක් ඉවසන්න තිබ්බා
අපි නොහිතුවාට , ලග නොරැදුනාට අපි වෙනුවෙන් බලන් ඉන්න , අපිට ඇහුම්කන්දෙන එක්කෙනෙක් හරි ඉන්නවා .
ඔයාට අද ඇස් ඇරලා බලන්න පුලුවන් උනානම්, ඔයා දකී එක්කෙනෙක් නෙමේ සිය දාස් ගානක් ඔයා දිහා බලාගෙන හූල්ලන තරම
==============================
අනේ කසුනිකා....මගෙ ඇග පණ නැති වුනා මේ ආරංචිය දැක්කම... මට හිතා ගන්න බෑ.... ඇයි මෙහෙම වුනේ.... ඔයා මෙච්චර ලස්සන වුනේ මෙච්චරටම හොද වුනේ අපිට මෙහෙම දුකක් දෙන්නද කසුනිකා...ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද... අනේ ඇයි මෙහෙම වුනේ.... මටනම් දරා ගන්නම බෑ කසුනිකා....ඔයා එනවා කීවා මාව බලන්න.... දැං මට ඔයා බලන්න එන්න වෙලා.... කොහොමද ඔයා දිහා බලන්නෙ මම...