ලිසෙනි තියන්සාගේ කුළුඳුල් ගීතය ’මේ දෙතොලේ’ එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දෙතොලේ සායම් නොව බුලතේ රත තමයි. ලිසෙනි තියන්සා ගායනා කරන මෙම ගීතය මීට දින කිහිපයක පෙර එළිදක්වනු ලැබීය. එංගලන්තයේ ලන්ඩන් නගරයේ දැනට පදිංචිව සිටින ලිසෙනිගේ කුළුඳුල් ගීතය මෙය වීම විශේෂත්වයකි.

මම ඉපදුනේ ලංකාවේ. ලන්ඩන්වලට එන කොට මට මාස එකොළහයි. දැන් අවුරුදු දහතුනක් ඉඳලා ලන්ඩන්වල පදිංචි වෙලා ඉන්නේ. මට සිංහල කතා කරන්න පුළුවන් වුණාට ලියන්න කියවන්න බැහැ. හැබැයි ඉතින් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන් මට. විශේෂයෙන්ම සිංහල ගීත පවා. ලිසෙනිගේ මේ දෙතොලේ.. ගීතයේ පද රචනා කොට ඇත්තේ ජනප්‍රිය ගී පද රචකයෙකු වු උවිඳු දයාරත්නය. ගී තනුව හා සංගීතය සපයා ඇත්තේ ඉසුරු වික්‍රමගේ විසිනි. ගීතයට රූප රචනාවක්ද නිර්මාණය කර තිබෙන අතර, එය තිළිණ ධනුෂ්ක විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

මම ගීත ගායනයට දක්ෂ නිසා මගේ අම්මායි, තාත්තායි දෙන්නා තමයි මට මේ වැඩේ කරමු කිව්වේ. ඇත්තටම මම දන්නෙත් නැහැ මේ වගේ දෙයක් ගැන මුලින්ම. අම්මා තමයි මාව උනන්ඳු කළේ. මම පුදුම වුණා මොකද, ඒ වගේ අත්දැකිමක් මට මීට කළින් මට තිබුණේ නැති නිසා. ගීතය ගැයුවෙත් ඉංග්‍රීසියෙන් සිංහල වචන ලියලා. ඒක ලොකු අභියෝගයක් වුණා මට. නමුත්, හැමෝගේම උදව් මැද මේ වැඩේ සාර්ථක කරගන්න මට පුළුවන් වුණා.  

ජනප්‍රිය නළු සංගීත ප්‍රභූ, අමල් ප්‍රසාද් (විනි රැවුලා) හා මලිෂා චමෝදි මෙහි රංගනයෙන් දායක වෙන අතර, කැමරාකරණයෙන් හා සංස්කරණ කටයුතුවලින් ලක්ෂිත බණ්ඩාර සහය වී ඇත. වේශ නිරූපණ කටයුතු සිදුකර ඇත්තේ ශාලෝමි අහස්යා විසිනි.
මේ ගීතය ලන්ඩන් වල පටිගත කළේ. ඒකට ගොඩක් උදව් කළේ  (V-Raagastudio  production)විමර්ශ ජයසිංහ. ගීත රූප රචනාවේ මම ඉන්න පෙනි ඉන්න කොටස් සියල්ලම රූපගත කළේ ප්‍රශාන් දිප්තිකුමාර ලන්ඩන් වල ඉඳලා. ලංකාවේ රූපගත කිරිම් කටයුතු සිදුකළේ අනුරාධපුරේ. ඒවා සියලු දේවල් සංවිධානය කළේ උවිඳු දයාරත්න.

මේ දෙතොලේ.. ගීතය මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ ගිතයක් මෙන්ම රූප රචනාවක් බවට පත්ව තිබෙයි. ලිසෙනිගේ කුළුඳුල් ගී නිර්මාණය මෙය වන අතර, පළමු නිර්මාණය හරහාම ශ්‍රාවකයින්ගේ ආදරය දිනා ගැනීමට ඇයට හැකීවිම ඇයගේ ගායන දිවියේ ඉදිරි ගමනට විශාල රැකුලක් වු බව ලිසෙනි පවසයි.

ගොඩක් අය මේ ගීතයට විවිධ ප්‍රතිචාර දක්වලා තියෙනවා. මගේ පළමු නිර්මාණය නිසා මේ හැම ප්‍රතිචාරයක්ම මට ගොඩක් වැදගත්. බොහෝ විට මේ ලැබුණ ප්‍රතිචාර මත මම තවත් ගී නිර්මාණයකින් ඉදිරියේදී  ඔබ මුණ ගැසෙයි. නිර්මාණයට දායක වුණ හැම දෙනාටම වචනයකින් පවා මාව දිරිමත් කළ ඔබ සැමට මගේ ආදරණිය ස්තුතිය මේ මොහෙතේදී පුදකර සිටිනවා. ඒ වගේම මේ නිර්මාණය එළිදක්වන්න මාව උනන්ඳු කළ මගේ අම්මාට හා තාත්තාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ මල්ලි සිතෙව් මින්තරුටත්. ගොඩක් ආදරේයි ඒ තුන්දෙනාට මම.

බුද්ධික සේනාධිර