ලොවක් හෙල්ලූ “යොහානි මැණිකේ” ලංකාවේ ආර්ථික අර්බුය ගැන ඉන්දියානු මාධ්‍යයට කියූ දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මැණිකේ මගේ හිතේ” කියන එකම එක ගීතයෙන් ලොවක් වසඟයට ගත්ත ඇය නමින් යොහානි ද සිල්වා. “මැණිකේ” කොයි තරම් ලොකු විප්ලවයක් කළාද කිව්වොත් මේ වෙද්දි “මැණිකේ” හින්දි වර්ෂන් එකත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. ඒ සිංදුව අයිති “තෑන්ක් ගෝඩ්” ෆිල්ම් එකට.

පසුගිය දිනවල ඉන්දියාවේ හිටපු යොහානිට ජනප්‍රිය තරු සමඟ කාලය ගත කරන්නත් වරම් ලැබුණා.

“මැණිකේ” ලොව පුරා ප්‍රචලිත වෙද්දි, සියල්ල ඒ ගීය මුමුණද්දි... මේ වනවිට එහි යූටියුබ් නැරඹුම් වාර ගණනද මිලියන ගණනක් ඉක්මවා ගොස් තිබෙනවා.

යොහානි පසුගිය දිනෙක “ඉන්දියන් එක්ස්ප්‍රස්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබුණා.

“ඇත්තටම ඒක හද කම්පා කරවන සුලුයි.. මගේ පවුල, දෙමව්පියන්, මගේ ටීම් එක හැමෝම දාලා, මම මුම්බායිවල ඉන්නවා. මම ඔවුන් එක්ක නෑ. ඒක හදවත කම්පා කරවනවා. නමුත් එකම විකල්පය ඒකට මුහුණ දීලා ඉස්සරහාට යන එක..”

පවුලේ පිරිස් ආර්ථික අර්බුදයකට මුහුණ දෙද්දි, ඔවුන් සමඟ නොසිටීම ගැන වරදකාරී හැඟීමක් දැනෙනවාද යැයි ඇසූ පැනයට 29 හැවිරිදි යොහානි මෙසේ පිළිතුරු දී තිබුණා.

“මට වැරදිකාරි හැඟීමක් දැණුනේ නෑ. මම එහි නොමැති වීම ගැන නම් දුකයි.. ගොඩක් අය ඉන්නවා. මට හැමෝම ඉන්දියාවට ගේන්න බෑ. නමුත් මගේ සංගීතය ඔවුන් වෙත යාවී..”