ලොවක් දිනපු ඇය ළඟ රටක් වටින මැණික් දෙකක්
ආඩම්බරයක් වුණේ එක වතාවක් නෙවෙයි... ඇය ලක්මව කිරුළකින් සරසන්න වෙහෙසුණු කාන්තාවක්. ඒත් එක්කම ජීවිතේට ආව එක්කම ඒ ප්රශ්න එක්ක ඇය කොහොමත් නොසැලී හිටපු කාන්තාවක්.. ඉතින් මොනදේ කොහොම වුණත් ඇයට ගොඩක් වටින පවුලක් තියනවා. ඒත් එක්කම මේ නිසාම ඇය ඉන්නේ ගොඩක් සතුටින්.
පවුරක් වගේ පියෙක් එක්කම රත්තරන් පුතෙක් ඇයට ඉන්නවා කියලා තමයි ඇය නම් කියන්නේ.... මේ බලන්නකෝ ඒ දෙන්නා වෙනුවෙන් පුශ්පිකා එක්කල සටහන.
පුතුකි,
ඔයාගේ මූණෙ තියෙන මේ සැනසීම තමයි මගේ ලොකුම සතුට. ඔයාගෙ සතුට තමයි මට මේ ලෝකේ තියෙන වටිනාම දේ. ඔයා දවසින් දවස ආදරණීය බුද්ධිමත් දරුවෙක් විදියට වැඩෙනකොට, අම්මා කෙනෙක් විදිහට මට ඒක හරිම සතුටක්, හරි ආඩම්බරයක්. මගේ රත්තරන් පුතේ, මලක් වගේ සිනිඳු හිතක් තියෙන ආදරණීය මනුශ්යයෙක් වෙන්න. මේ ලෝකයේ එහෙම මිනිසුන් හරි අඩුයි.
මගේ ආදරණීය තාත්තේ,
හැම දුවෙකුගෙම හදවතේ වීරයා තමයි එයාගේ තාත්තා.! දුවෙකුට තාත්තා කෙනෙක් කියන්නෙ ශක්තිමත් පවුරක්, යෝධ කුලුණක්, සෙවණ දෙන මහ ගසක්, මිල කල නොහැකි සම්පතක්.