ලබන වසරේ ජුනි වෙනකම් වැඩ මේ වෙද්දී මම ප්ලැන් කරලා ඉවරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සැකසුණ තේමා ගීතය ගායනා කරන එරන්ද මුණසිංහ මෙවර සාරවිට කතා බහට අපි එකතු කර ගත්තේමු. දැනට ගී නිර්මාණ කිහිපයකටම  සිය දායකත්වය ලබ දී ඇති එරන්ද ක්ෂේත්‍රය තුළ තම ස්ථාරත්වය කෙමෙන් ගොඩ නගාගෙන ඉදිරියට පැමිණෙන තරුණ ගායන ශිල්පියෙක් ලෙසද හැඳින්විය හැකිය.

කොහොමද අලුත් වැඩ කටයුතු?

අලුත් වැඩ කටයුතු කිහිපයකටම මේ දිනවල යොමු වෙලා ඉන්නවා. ඒ වැඩ ටික කරන අතරේ AirXone Musik Label එක යටතේ තවත් වැඩ කිහිපයකටම සම්බන්ධ වෙලා මේ දවස්වල වැඩ කරනවා. නුදුරේම තවත් මගේම කියලා ගී නිර්මාණ කිහිපයක් එළිදක්වන අදහසින් තමයි මේ දිනවල වැඩ කරගෙන යන්නේ.  

මේ දිනවල නිතර ඇසෙන ලංකන් ප්‍රිමියර් ලීග් තේමා ගීතය ගැයුවේ ඔබ?

ඇත්තටම අපි මේ ගීතය කළේ T20 World Cup එකට. එ වෙද්දිත් මම, තාරක අයියා සහ Enza එකතු වෙලා විඩියෝ එකකුත් හදලා තිබ්බේ. ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් අනපේක්ෂිතව ඉවත්වීම නිසා අපි මේක නොදා ඉන්න පස්සේ තිරණේ කළා. ඔය අතරේ තමයි මට දෙරණේ TV ආයතනයේ ලක්මාල් දේශප්‍රිය අයියා මුණ ගැහෙන්නේ. අපි සතියක් වගේ කාලයක් ඇතුළත ලක්මාල් අයියා ප්‍රමුඛ දෙරණ Macro Team එක සහ IdeaHell Team එක එකතු වෙලා කොහොම මේ කරපු ගීතය ලංකන් ප්‍රිමියර් ලීග් තේමා ගීතය බවට පත් කරගත්තා. මේ වෙලාවේ ආදරෙන් IdeaHell Team එකම මතක් කරන්න ඕනා සහ නර්තනයෙන් සහය දක්වපු Youth එකේ නංගිලා මල්ලිලා අයියලා හැමෝම. ඒ සියලු දෙනාට ස්තුතියි.

ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් කාලයක් වෙනවා නේද?

ඔව්, මම 2017 තමයි මේ ගමන පටන් ගත්තේ. පළමු ගීතයTrending ආපු කාලයේ විදෙස් ගතව හිටපු නිසා අවුරුදු 2ක් විතර නිහැඩියාවකින් නැවතත් 2020 සිට මේ දක්වා මම හෙමින් හෙමින් මගේ ගමන යනවා.

දැන් ඔබ මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවත්වයක් ගොඩ නගාගෙන තියෙනවද?

ඔව්. මොකද Music කියන දේ කාලෙත් එක්ක Update වෙන්න ඕන දෙයක්. Singing කියන්නේ මගේ එක Side එකක් විතරයි. මම දැනට AirXone Musik ආයතනයේ Aritst & Lable Partnerships Side එක සම්පුර්ණයෙන් Manage කරනවා. ක්ෂේත්‍රයේ ප්‍රබලයන් සමග විශාල වැඩ කොටසක් එතැනින් සිදුවෙනවා.

ක්ෂේත්‍රයට අද නවකයෝ පිවිසෙනවා වැඩියි. ඒ කියන්නේ දැන් ලොකු තරගයක් තියෙනවා?

මම කා එක්කවත් ගැටෙන්න යන කෙනෙක් නෙවෙයි. මට ආදරේ කරන පිරිස් එක්ක හෙමින් යන ගමන සුභයි කියන මතේ මම ඉන්නේ. ක්ෂේත්‍රයට එන්න  පහසුයි. ඒ වගේම යන්නත් ලේසී හැබැයි රැඳිලා ඉන්න තමයි මේකේ ගොඩක්ම අමාරු. හෙමින් ගමන සුභ වෙන්න ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ ඕක.

කොතරම් දක්ෂයෙක් වුණත් වාසනාව කියන දේ වැදගත්?

වාසනාව වැදගත්. ඒත් වාසනාවටම ඉඩ දීලා ඉන්නේ නැතුව මහන්සි වෙන්න ඕනා. හීන මවන්න ඕනා කෙනෙක්ට පුළුවන්. ඒත් හීන වෙනුවෙන් මහන්සි වෙන්න තමයි අමාරුයි. එ වෙනුවෙන් මහන්සි වුණා නම් වාසනාව වුණත් ඉක්මණටම ළඟට එයි. එන්න ඉන්න අයටත් කියන්නේ රැල්ලට අහු නොවී හොද නිර්මාණ කරන්න කියලා තමයි.

ඉදිරිය කොහොම වෙයිද?

ඉදිරිය ඇත්තටම පැහැදිළියි. 2023 ජුනි වෙනකම් වැඩ මේ වෙද්දී Plan කරලා ඉවරයි. 2023 මුල Funky Dirt එක්ක කරපු වැඩක් G3 Production එකේ ගිහාන් අයියා එක්ක එන්න තියනවා. ඒ වගේම තව Plan කරලා දැනටම Voice කරපු ගීත 3ක් තියනවා. එ ටික හෙමින් අහන්න බලන්න දෙන්න තමයි අදහස සහ Label එකේ වැඩ කටයුතු ටිකටත් ප්‍රමුඛත්වය දෙමින්.

බුද්ධික සේනාධීර