ලෝක විවාහ රූ රැජිණ කැරොලයින් ජූරිගෙන් හෙළිදරව්වක්
ඇය නමින් කැරොලයින් ජූරි. "මිස් වර්ල්ඩ්" කිරුළ නිසාම කතාබහට ලක්වුණු ඇය අනතුරුව "කිරුළු අර්බුදයක්" නිසා ජාත්‍යන්තරය තුළත් අවධානය දිනාගත්තා. ඒ වගේම තමයි පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවූ වරදට ඇයට පොලිස් අත්අඩංගුවට පත්වන්නටත් සිදුවුණා.
ඇය සිය නිරූපණ කටයුතුවලින් වගේම සමාජ මාධ්‍යය ඔස්සේත් කාටත් සමීප චරිතයක් කිව්වොත් හරි. නමුත් ඇයව මෑතකදී සමාජ මාධ්‍යවල ඒ තරම් දකින්න ලැබුණේ නැහැ. ඇය සති හයකට පමණ පසුව සමාජ මාධ්‍යයේ වීඩියෝවක් පළ කරමින් ඇය සමාජ මාධ්‍යවල ඒ තරම් පෙනී නොසිටින්නට හේතුව හෙළි කළා.
පහත දැක්වෙන්නේ ඇය කළ එම ප්රකාශයි.
"සුබ දවසක් ඔබ සැමටම. මගේ අන්තිම ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ට් එක දාලා දැන් මාස එකහමාරක් විතර වෙනවා. ඒකට හේතුව තමයි ජනවාරි 8 වැනිදා මගේ එකවුන්ට් එක හැක් කරලා තිබුණ නිසා. මගේ පෝස්ට් ගොඩක් ඩිලීට් කරලා තියෙන්නේ. එකවුන්ට් එක ආපහු ලැබෙයිද කියලා මට අනුමාන කරන්න බැරි වුණා. ඒත් සති හයකට පස්සේ පෙබරවාරි 18 ආපහු මගේ එකවුන්ට් එක රිකවර් කරගන්න අපිට පුළුවන් වුණා. ඒත් මම තීරණය කරලා හිටියේ එකවුන්ට් එක නොලැබුණත් ආපහු මුල ඉඳලම පටන් ගන්න. බධක සහ අභියෝග අපේ ගමන් මගේ කොටසක් කියලයි මම විශ්වාස කරන්නේ. ඔබ යන ගමන් මඟ හරස් කරගෙන වැටෙන පර්වත නැගගෙන ඔබේ ගමන යන්න. කවුරු ඔබව නවත්තන්න බැලුවත් ඔබේ ගමන යන්න. එන අභියෝග ඔබේ ගමන් මගේ ඉදිරි පියවරක් සේ සලකන්න. ඔබේ ඉලක්කට ඔබේ අරමුණ කරගන්න. අභියෝග එන සෑම විටකම ඒවා දෙස දැඩි විශ්වාසයකින් බලන්න. ඔබ වෙත එන අභියෝගවලට වඩා ඔබ ශක්තිමත් බව නිතර මතක තබාගන්න. සිහින දකින්න පුළුවන් නම් ඒ සිහින ගැන ආත්ම විශ්වසයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට නිසැකවම ඒ සිහින ජයගන්න පුළුවන්."