ලංකාවේ සමහරක් පිරිමින්ට වයස් භේද නෑ. බැඳලාද නැද්ද අදාළ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරින්දි ප්‍රනාන්දු එහෙම නැත්තම් ඇයව දැන අඳුනන්නේ "රැල්ල වෙරළට ආදරෙයි"හි කැතරින් විදිහට. ඒ වගේම මේ දිනවල තිරගත වෙන "ගින්දරි 3" චිත්‍රපයෙත්, ඇයව අපිට මුණ ගැහෙනවා, ඒ "යක්ෂණියක්" විදිහට. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් තරින්දි ආදරේ ගැන මේ විදිහට කියලා තිබුණා.

"කවදාවත් මම ආදරේට වෛර කරන් නෑ. ආදරේ දැනිලා තියනවා. ආදරේ ඇතිත් නෑ මදිත් නෑ. මම ඒක කාලයට භාර දුන්නා.."

කාලෙන් කාලෙට හැදෙන 'ගොසිප්' ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.

"ගොසිප් එකක් හැදෙනවා කියන්නේ අපි පබ්ලික්නේ. අපිව ෆලෝ කරනවා මිනිස්සු. ගොසිප් වුණත් මම කැමතියි පොසිටිව් ලයින් එකක් යනව නම්. මිස්ටේක් එකක් අරන් ගහනවට වඩා හොඳ යනවා නම් ඇත්තටම මම කැමතියි.."

"සිංගල් මාම්ලා" ගැන තරින්දි මෙහෙම කතාවක් කිව්වා.

"සිංගල් මාම්ලා ගැන හරි ආඩම්බරයි. ලංකාව බලන්නෙ වෙන විදිහකට. තනි මව කියන්නෙත් අම්මා අම්මාම යි.. ළමෙක්ව වදාලා කුණු කාණුවකට දානවට වඩා ඒ ළමයව හදාගන්න එකම මදිද...? ලංකාවේ සමහරක් පිරිමින්ට වයස් භේද නෑ. බැඳලාද නැද්ද අදාළ නෑ. අපහසුතාවලට මූණ දෙන්න වෙනවා.."

"එකට ඉන්න බැරි නම් ඩිවෝස් වෙන එකයි හොඳ. හැබැයි දරුවෙක් ඉන්නවා නම් පුද්ගලික ව මගේ මතය ප්‍රශ්න ටික හදාගෙන ඉන්න එක. මොකද ඒ දරුවට අම්මගේ තාත්තගේ ආදරේ ඕන.."