ලංකාවට ඇවිල්ලා මම ආයේ කලාකටයුතුවල නිරත වෙනවා
දැනට ටෙලි නිර්මාණ කිහිපයකම ඔබ දැක ඇති මිල්රෝයි ෆැන්සිස්කෝට මෙවර සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. වසර කිහිපයකට පෙර කලා ක්ෂේත්රය තුළ විලාසිතා නිර්මාණකරුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටි මිල්රෝයි වසර කිහිපයක් තිස්සේ ඩුබායි ගුවන් සමාගම රැකියාවක නිරතව සිටියි. මේ දිග හැරෙන්නේ අප ඔහු සමග කල කතා බහයි.
මිල්රෝයි කලාවට එන්නේ විලාසිතා නිර්මාණකරුවෙක් විදිහට?
ඔව්, මම කලාවට සම්බන්ධ වෙන්නේ විලාසිතා නිර්මාණකරුවෙක් විදිහට. ඒ සම්බන්ධව මට උපාධියකුත් තියෙනවා. දිනක් මගේ මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට මා විසින්ම නිර්මාණය කරපු ඇඳුමකින් මම සහභාගී වුණා. ඒ ෆැබ්රික් පේන්ට් භාවිතා කරලා මා විසින් නිර්මාණය කරපු සරමකුයි ෂර්ට් එකකුයි ඇඳගෙන. විවාහ මංගල්‍යයට ආපු ගොඩ දෙනෙක් මා කරපු විලාසිතාවට උනන්ඳු වෙලා ඒ ගැන විමසුවා. එතැනදි මට හිතුණා මගේ තියෙන මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනා කියලා. ඊට පස්සේ මම ඇඳුම් කිහිපයක් නිර්මාණය කරලා ඒවා නිමි ඇඳුම් විකුණන ආයතන කිහිපයකට පෙන්නුවාම ඒ අය මගේ ඇඳුම් මිළට ගන්න කැමති වුණා. ඒ සමගම මේ වැඩේ ලොකුවට කරන්න ඕනා කියන අදහසින් මම මාලබේ නගරයේ %රූ රටා^ කියන නමින් මගේම කියලා ඇඳුම් නිර්මාණය කරන ආයතනයක් පටන් ගත්තා. ඔය විදිහට තමයි මගේ ගමනේ මුලාරම්භය සිදුවුණේ.
මේ අතරතුරද රංගනයටත් ඔබට අහම්බෙන් එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා?
ඔව්, %රූ රාටා^ ආයතනය පටන් ගත්තාට පස්සේ ගොඩක් කලාකරුවෝ ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කරගන්න මා හමුවෙන්න ආවා. එහෙම කෙනෙක් තමයි පියුමි බොතේජු කියන්නේ. ඇය මට ගොඩක් පාරිභෝගිකයෝ මුණ ගස්සවලා ඔවුන්ට අවශ්‍ය ඇඳුම් මා ලවා නිර්මාණය කරගන්න අවස්ථාව සළසලා දුන්නා. නිතරම මුණ ගැහුණ නිසාම පියුමි මගේ හොඳ මිතුරියක් වුණා. ඇය තමයි මාව රංගනයට සම්බන්ධ කළෙත්. ශෂිකා නිසංසලාගේ බිත්ති පත්තරේ.. ගීතයේ රූපරචනාවකට තමයි මුලින්ම මම රඟපෑවේ. ඊට පස්සේ පියුමි එක්කම මම වැඩ කිහිපයක් කළා. තරුණයා, රැජිණ, සන්ඩේ ඔබ්සවර්, සිරිකත, ලංකා වුමන් පත්තරවල මගේ මුල් කවර වගේම මා විසින් කරපු විලාසිතා නිර්මාණ එහෙමත් ගියා.
අපි හැමෝටම පොඩි කාලේ හීන තියෙනවානේ. මිල්රෝයිගේ හීනේ වුණේ?
කලාව පැත්තට එන්න නම් මගේ ලොකු අදහසක් තිබුණේ නැහැ. හැබැයි විලාසිතා නිර්මාණකරුවෙක් විදිහට ලංකාවේ ලොකු නමක් හදාගත්තු ආයතනයක වැඩ කරන්න මට ආසාවක් තිබුණා. හැබැයි ඒ දේ ඉෂ්ට කරගන්න මට බැරිවුණා. විලාසිතා නිර්මාණකරුවෙක් විදිහට වැඩකරද්දි පියුමිගේ අතදිමෙන් මම නොහිතපු විදිහට කලාව පැත්තට යොමු වුණා. හැබැයි පොඩි කාලේ ඉඳලා මගේ තිබුණ හීනයක් තමයි ලෝකේ පුරා සංචාරය කරන එක. ඒ නිසා මගේ ඉලක්කය වුණේ කුමන හෝ ගුවන් සමාගම කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙලා වැඩ කරන එක. පොඩි කාලේ ඉඳලා තිබුණ මගේ හිනේ අද වෙන කොට ඉටු වෙලා තියෙනවා. දැන් මම එහෙම රැකියාවක තමයි නිරත වෙලා ඉන්නේ.
මතකද මිල්රෝයි මුලින්ම රඟපාපු ටෙලි නිර්මාණ?
මම මුලින්ම රංගනයෙන් දායක වුණේ ස්වර්ණවාහිනියේ විකාශය වුණ %පැකේජ්^ කියන ටෙලි නාට්‍යයේ. %පැකේජ්^ නාට්‍යය කරපු සුදර්ශන බණ්ඩාර, පියුමිට කියලා තියෙනවා චරිතයකට අලුත් මුහුණක් අවශ්‍ය කියලා. පස්සේ පියුමි තමයි මගේ නම ඒ චරිතයට යෝජනා කරලා තියෙන්නේ. ඔය විදිහට තමා මට %පැකේජ්^ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. පාසල් යන කාලේ නම් පාසල් නාට්‍යයවල පොඩි චරිතවලට රඟපාලා තිබුණත් ටෙලි නාට්‍යයක රඟපාන්න තරම් මට එහෙම රංගනය ගැන ලොකු අත්දැකිමක් තිබුණේ නැහැ. කොහොම හරි පියුමි මාව තිර පරික්ෂණයට යොමු කරලා රඟපාන්න අවස්ථාව හදලා දුන්නා. ඇය හැමවෙලාවේම කියපු දෙයක් තමා %ඔයාට මේක කරන්න පුළුවන්^ කියන දේ. ඒ වගේම සුදර්ශන බණ්ඩාර ඒ වෙලාවේදී දුන්න සහයෝගයත් අමතක කරන්න බැහැ මට. %පැකේජ්^ එකෙන් පස්සේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුණ %සිතින් සියවර^ කියන නාට්‍යයේ. ඔය ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කරද්දි මට තවත් ගොඩක් ආරාධනා ලැබුණා රඟපාන්න. හැබැයි ඔය කාලේ තමා කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවුණේ. ලැබුණ ගොඩක් ආරාධනා ඒ නිසා මඟහැරුණා මට.
දැන් කලාවෙන් ඔබ ඈත් වෙලාද ඉන්නේ ඇයි?
කලාවෙන් මම මුළුමණින්ම ඉවත් වෙලා නැහැ. මම දැනට ජිවත් වෙන්නේ බුඩායිවල. එහි ගුවන් සමාගමක සේවය කරනවා. නැවතත් ලංකාවට පෙබරවාරි මාසයේදී එනවා. ඒ ඇවිල්ලා කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. දැනටමත් ඒ සඳහා ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. මම කලාවට සම්බන්ධ වුණේ කොවිඩ් වසංගත තත්ත්වය එන්න කලින්. හැබැයි කොවිඩ් වසංගතය ඇවිල්ලා මාස කිහිපයක් මුළු ලංකාවට වහලා තිබුණ නිසා කලාකරුවෝ ගොඩ දෙනෙක්ගේ කලා ජීවිතය වෙනස් වුණා. මගෙත් එහෙමයි. රඟපාන්න ලැබුණ ගොඩක් ආරාධනා ගොඩක් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මට මඟහැරුණා. ඒ තත්ත්වය ඇති නොවුණා නම් අද මම රංගන ශිල්පියෙක් ලෙස ලොකු ගමනක් කලා ක්ෂේත්රය තුළ ඇවිල්ලා.
කලා ක්ෂේත්රය තුළ ඔබ ආපු ගැන මොකද හිතෙන්නේ?
ඒක ලොකු දුෂ්කර ගමනක්. නොහිතපු වෙලාවක හොඳම මිතුරියක්ගේ අතදිමෙන් ආපු ගමනක්. හැබැයි කලා ක්ෂේත්රයේම කිහිප දෙනෙක් මාව වට්ටන්න උත්සාහ කළා. පියුමි ලබාදුන්න අවස්ථාව ගැන කියද්දි කිහිප දෙනෙක් අහපු එකම දේ තමා මට රඟපාන්න පුළුවන්ද කියන ඒක. ඒ වගේ දුක හිතුණ අවස්ථාත් තිබුණා. මම මුදල් බලාගෙන කලාවට සම්බන්ධ වුණේ නැහැ. මේක මගේ හිතේ තිබුණ පොඩි ආසාවක්. ඒ වගේම මගේ හැකියාව පිළිබඳව මට උරගා බලන්න තිබුණ අවශ්‍යතාවයක්. ඒ හින්දා තමා පියුම් මට දුන්න අවස්ථාව මම භාරගෙන රඟපාන්න කැමති වුණේ. මේ වෙලාවේදී මම හදවතින්ම ස්තුති කරන්න ඕනා මගේ මිතුරිය පියුමි බොතේජුට. මොකද, ඇය තමා මාව හැම වෙලාවේම දිරිමත් කළේ. අනිත් අය මොන දේ කිව්වත් පියුමි තමා කිව්වේ මට රඟපාන්න පුළුවන් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ වගේම කුසුම් රේණු අක්කා වගේම හෂිනිකා කරලියැද්ද අක්කාත් පියුමි වගේම මාව දිරිමත් කළා. රංගනය ගැන ගොඩක් දේවල් ඒ දෙන්නා මට කියලා දුන්නා.
බුද්ධික සේනාධීර