ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට නළුවෙක්ගේ අවසන් කටයුතු සිදු කළ දිනට පසු දින ඔහු රඟපෑ චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළු කලා ලොවම කම්පනය කළ පුවතක් පසුගියදා අපිට අසන්නට ලැබුණා. ඒ සම්මානනීය සිනමා නළු දර්ශන් ධර්මරාජ් හදිසි හෘදයාබාධයකින් මෙලොව හැර ගිය පුවතයි.

දර්ශන්ගේ අවසන් කටයුතු ඊයේ ඔහු උපන්ගම වන රක්වාන දී සිදුකෙරුණා.

දර්ශන් රංගනයෙන් දායක වුණු එහෙත් තවමත් තිරගත නොවුණු "ප්‍රාණ" චිත්‍රපටයේ මුහුරත් උලෙළ ඊයේ (06) එනම් ඔහුගේ අවසන් කටයුතු සිදු කළ දිනට පසු දින පැවැත්වෙනවා.

මෙය ලාංකේය සිනමා ඉතිහාසයේ එක් සුවිශේෂී සිදුවීමක්. මීට පෙර රංගන ශිල්පියෙක් හදිසියේ මරණයට පත්වුණු පසුව ඔහු හෝ ඇය රංගනයෙන් දායක වුණු සිනමාපට තිරගත වුවද මරණයේ අවසන් කටයුතු සිදු කළ දිනට පසු දිනම තිරගත වුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රාණ සිනමාපටය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක්.