ලාංකීය සිනමාවට ප්‍රාණයක් - පූර්ව ප්‍රචාරකපටය නරඹන්න
ශ්‍යාම් ප්‍රනාන්දු, නිරංජනී ශන්මුගරාජා සමඟින් දර්ශන් ධර්මරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය මෙරට ඵෙතිහාසික සිද්ධි මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. මන්නාරම් ජන සංහාරය ඇතුළු පෘතුග්‍රීසි සමයේදී මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ආශ්රයෙන් නිපදවූ මෙය ළඟදීම දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතයි.
ක්‍රි.ව. 1505න් පසු ඇරඹි පෘතුග්‍රීසි සමයදී මන්නාරම් තෝට්ටෙයිවේලි ප්‍රදේශයේ ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දැමූ ‘මන්නාරම් සංහාරය’ ප්‍රාණ චිත්‍රපටයට පාදක වී ඇතැයි සඳහන් වනවා. තම රජයට විරුද්ධව කැරළි ගසාවි යන භීතිය හේතු කරගෙන සංකිලි රජුගේ අණින් සිදු වූ මෙම ජන සංහාරය මන්නාරමේ වැසියන්ට බලපෑ ආකාරයත්, බලලෝභී රාජ්‍ය පාලකයාගෙන් ගැලවීම සඳහා ඔවුන් ගත් උත්සාහයත් ප්‍රාණ (SEEDS) චිත්‍රපටයෙන් දැකගන්නට හැකියි.
ප්‍රාණ (SEEDS) සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා ට්‍රේ හික්ස්, නිරංජනී ශන්මුගරාජා, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජා එක්ව සිටින අතර කින්ග් රත්නම්, නීටා ප්‍රනාන්දු, සෙනේෂ් දිසානායක, රොබට් සියේරා, දිනේෂ් සිල්වා, වගීෂා සල්ගාදු, කල්ප මුණසිංහ ඇතුළු රංගන ශීල්පීන් පිරිසක් සහාය රංගනයෙන් සම්බන්ධ වනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ ද සංජය නිර්මාල් විසිනුයි.
ස්ට්රයිනර් ඇඩම්ස් කැමරා අධ්‍යක්ෂණය සිදු කළ මෙහි සංස්කරණය ශාන් අල්විස් විසින් සිදුකොට තිබෙනවා. චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වී තිබෙන්නේ නදීක ගුරුගේ යි. සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන් හා ශබ්ද ප්‍රයෝග නිර්මාණයෙන් ශෂේන් ගිම්හාන එක්ව තිබෙනවා. VFX නිර්මාණය බුද්ධික විජේරත්න සහ සමින්ද වටවනවිතානගේයි. මෙහි කලා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙන්නේ ධම්මික හේවාදුන්න විසිනුයි.
ප්‍රාණ, ජානක පෙරේරාගේ නිෂ්පාදනයක්!
කවිනු වීරක්කොඩි