ලෝකෙන්ම හංඟපු මාධවී වත්සලාගේ අලුත්ම ආදර කතාව අවසානයේ මාධවීම හෙළි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය විදිහට කවුරුත් දැන අඳුනන මාධවී වත්සලාගේ නවතම සේයාරුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඇය සමඟ මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ තරුණ නිර්මාණකරුවෙකු මෙන්ම ගී පද රචකයෙකු ද කසුන් මහේන්ද්‍ර හීනටිගල යි. මෙම ඡායාරූපය කසුන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ පහත සටහන ද සමඟිනු යි.

"ඇය ඔබගේ පළමු කෙනාවත් , ඔබ ඇයට සිටි එකම කෙනාවත් නොවිය හැකිය. නමුත් ඇය දැන් ඔබේ ය. ආදරය එසේය. කොන්දේසි විරහිතව පෙම් කරන්න. ප්‍රාණසමව රකින්න !"

මෙම සටහන ම මාධවී ඇගේ 'ස්ටෝරි' සඳහා ද එක් කර ඇති අතර, කසුන්ගේ පෝස්ටුවට පිළිතුරු ලෙසින් ඇය කමෙන්ටුවක් ද පළ කර තිබුණා. මාධවී ඇන්තනී සිය දෙවැනි විවාහයෙන් ද නීත්‍යානූකූලව වෙන් වූ බව පසුගිය දිනෙක මුල්වරට අනාවරණය කළා. එම විවාහයට තිත තබන්නට හේතු වූයේ යම් යම් නොගැළපීම් බවයි ඇය කියා තිබුණේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යයේ මෙම සටහන් වලින් පෙන්නුම් කරන්නෙ මාධවීගේ අලුත්ම පෙම් කතාව ඇර‍ඹ ඇත්තේ කසුන් මහේන්ද්‍ර සමඟින් බවයි. මාධවීට වඩා ඔහු වසර කිහිපයක් වයසින් බාල වීම ත් විශේෂත්වයක්.

අතිශය ජනප්‍රිය "මගේනේ", "රඟපානා දඩබ්බර කෙල්ලො" වැනි ගී රැසකම පද රචකයා වන කසුන් මහේන්ද්‍ර මුහුණු පොතෙත් රසවත් ලියන්නෙක් විදිහට කතාබහට ලක්වන කෙනෙක්.