රහසක්ව තිබූ, හර්ෂි රසාංගගේ ආදර කතාව ප්‍රසිද්ධ කරයි
"ළංවී" හි අපූරුවා විදිහට ඔබට සමීප වෙන හර්ෂි රසාංගා "ටික්ටොක්" මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය තාරකාවක්. මේ වන විට රූප පෙට්ටියේ නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වෙන හර්ෂි, මුහුණු පොත තුළත් සක්‍රීය චරිතයක්. "තාම පෙම්වතෙක් නෑ" කියලා ඇතැම් තැන්වල කිව්වා වුණත්, හර්ෂිගේ ප්‍රේම කතාව කියලා ඇඟවෙන බොහෝ ඡායාරූප සහ සටහන්ඇ ය සමාජ මාධ්‍ය තුළ පළ කරනවා. ඒ විතරක් නෙවෙයි, හර්ෂි බොහෝම ලස්සන අකුරු ලියන කෙල්ලෙක්. මේ තියෙන්නෙ එයාගේ වචනවලින්ම එයා ලියපු එයාගේ ආදර කතාව. ැ(ඒ කියන්නෙ ළඟදීම ඒ කතාව අපිට අහන්න ලැබෙයි!)
එයා හිටියෙ ගොඩක් දුකෙන්.ඒත් ඒක එයාට හොදට පුරුදුයි. ඉතින් එයා පාඩුවෙ දුකෙන් ජීවත් උනා.
එයා ගැන පොඩි දෙයක් කියන්නම්. එයා හිටපු හැටියේ අහසට ආදරේ කරන්න පටන් ගත්තා. පිස්සෙක් වගේ. ඒ ඇයි කියන්න එයාවත් දැනගෙන හිටියෙ නෑ.
මෙහෙම කාලයක් යද්දි එක පාරට දාපු අහසෙ story එකකට කොල්ලෙක්ගෙන් reply එකක් ආවා. ඒක නිකන් “” මූණ විතරයි. ඒත් ඒ මූණ එයාගෙ මුළු ජීවිතේම අනිත් පැත්ත පෙරලුවා.එයාට ආපු පලවෙනි reply එකෙන්ම එයාට මොකක්දෝ පුරුද්දක් තේරුනා.
දෙන්නා කතා කරන්න පටන් ගත්තා. දෙන්නා ගොඩක් ලං වුනා. දවසේ කරන හැමදේම වගේ දෙන්නා හුවමාරු කරගන්න තරමටම ලං වුනා. දෙන්නට තේරුනා දෙන්නම දෙන්නට කැමති කියලා ඉතින් දෙන්නා relationship එකක් පටන් ගන්න, relationship එකකදි දෙන්නා හිතන පතන විදිහ, දෙන්නා expect කරන දේවල්, දෙන්නා අකමැති කැමති හැමදේම හුවමාරු කරගත්තා. ඒත් කතා කරලා ටික කාලයක් නිසා දෙන්නා හදිස්සි වුනේ නෑ. ඉවසලා ඉමු කියලා හිතුවා.
ඒත් දවසින් දවස යද්දි එයාලට තේරුනා දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් අරන් කියලා. ඉතින් එහෙම වුනාම මොනාද තවත් බල බල ඉන්නේ. කොල්ලා “I LOVE YOU” කිව්වා, දෙන්නා relationship එක පටන් ගත්තා.
දෙන්නා ගොඩක් ආදරේ කලා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි තරමටම.හොදම වැඩේ මොකක්ද දන්නවද? ඒ දෙන්නා ජීවත් උනේ රටවල් දෙකක. ඔව් ඒක long distance relationship එකක්.
දෙන්නා මෙහෙම ආදරේ කරන් යද්දි දන්නෙම නැතුව මාසෙකුත් ගියා. හැබැයි ඉතින් මෙච්චර ආදරේ කරන ඒ දෙන්නා, කවදාවත් ඇස් දෙකට හැබැහින් දැකලා නෑ.
අර සිංදුවේ කියනවා වගේ “අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා” කියලා ඒ දෙන්නා අදටත් හිතනවා.
දෙන්නට ඉවසන්නම බැ, ඉතින් කොල්ලා ආවා කෙල්ලව බලලා යන්න. හරිම ලස්සනයි ඒ මූණු දෙකේ තිබ්බ හිනාව.
ඔහොම කාලයක් ගෙවුනා. මං දැකපු සුන්දරම ආදර කතාව. රණ්ඩු වෙනවා, හැබැයි ඒ ආදරේ වැඩි කමට. හැම මාසෙම කොල්ලා කොහොමහරි නිවාඩුවක් දාගෙන කෙල්ලව බලන්න එනවා. දෙන්නා කොච්චර ආදරෙයිද කියනවනම්, දෙන්නා marry කරන්න තීරණය කලා. එකතුවෙන්න, හැමදාම එකට ඉන්න ඕන නිසා. කලින් කිව්වා වගේ මේ තමයි මං අහපු ලස්සනම ආදර කතාව.
කැමතිද ඉතුරු ටිකත් අහන්න? ඉවසන්න, එයාලා බැන්දට පස්සෙ ඉතුරු ටික කියන්නම්!
- Harsh -