රෝහණ සහ දීපිකා අතර සටන උග්‍ර අතට හැරුණා ද? රෝහණගේ පුත්‍රයා මුහුණු පොතේ නොකියා කියපු දේ මෙන්න
'කවිය ඔබ' මේ සුන්දර ගීතයේ හිමිකාරිය 'දීපිකා ප්‍රියදර්ශනී.' ඇගේ ගීතය ආයෙමත් අපිට අහන්න ලැබුණා, උමාරාගේ හඬින්. හැබැයි දීපිකාගේ පාර්ශවයෙන් මේ නව නිර්මාණයට විරෝධයක් එල්ල වුණා. තමන්ට මේ ගැන දැනුම්වත් කිරීමක්වත් සිදු නොකළ බව කියමින් දීපිකා ෆේස්බුක් සටහනක් ද එක් කර තිබුණා. මේ සටහනේ යම් තැනෙක රෝහණ වීරසිංයන්ගේ පුතු ගැනත් සඳහන් වුණා ඔබට මතක ඇති. කොහොම වුණත්, මෙවන් චෝදනා සහ විවේචන මැද 'කවිය ඔබ' නව නිර්මාණය කරළියට එනවා. දීපිකා සහ රෝහණ වීරසිංහයන් අතර පැවැති සීතල යුද්ධය අවසන් වීමක් දකින්න ලැබෙනවා වෙනුවට තවමත් ඒ ගැන බොහෝ දෙනෙක් තැනින් තැන කතාබහ කරනවා.
මේ තියෙන්නෙ රෝහණ වීරසිංහයන්ගේ පුත් කලිදු ඔහුගේ මුහුණු පොතට එක් කර ඇති සටහන් කිහිපයක්..
දින 3 කට අඩු කාලයකදී කිසිම promotion එකක් නැතුව 150K views බව ඉතාමත් සතුටින් දැනුම් දෙමි. මෙම cover song එක හැකි උපරිමයෙන් රසිකයා අතරට ගෙනියන්න මෙම ගීතයේ මුල් ගීතයට සම්බන්ද වූ ශිල්පීන් දෙන සහයෝගය ඉතා ඉහලින් අගයන්නෙමි. චේතනාව මොකක් උනත් ඔවුන් දෙන සහයෝගය සතුටින් පිලිගනිමි. කැමතිනම් විදින්න නැතිනම් විදවන්න අහන්න.......
'කවිය ඔබ'
ඒ නිසා.....
මගේ පියා ගීත නිර්මාණය ආරම්භ කරේ 1970 මුල සිටය. ඒ කාලයේ සිටම ඔහුත් සමග අත්වැල් බැදගත් පිරිසක් ඔහු වටා සිටියා. දුකේදිත් සැපේදිත් මේ හැම වෙලාවකම. ඒ සිටිය එක් අයෙක් තමයි බන්දුල අයියා(බන්දුල නානයක්කාරවසම්). ක්ෂේත්රයේ කන්න දුන්නු අත හපා කන කාලෙක, බන්දුල අයිය වගේ මුල හොදින් මතක ඇති මිනිසුන් සිටීමත් පුදුමයට කරුනකි. මම පොඩි කාලෙ 80 ගනන් වල දැකපු බන්දුල අයියාම තවමත් සිටීම කොතරම් සුන්දරද. ඔහුගේ උපන් දිනය දා (මාර්තු 10) ඔහු මගේ පියා වෙනුවෙන් වෙන් කරන්නට තරම් පරිත්‍යාගශීලී උනි. එදින බන්දුල අයියා විසින් පද රචනය කර නිශ්පාදනය සහ අද්‍යක්ශනය කල 'මල් රැගෙන' ගීතය YouTube වෙත මුදා හැරියා. එදින විශේශ අවස්ථාවනුත් ‘මල් රැගෙන' ගීතයත් පහලින් ඔබට නැරබිය හැක