රොෂාන් හිනාවෙලා කිව්වා ප්‍රෙග්නට්ද දන් නෑ. ඔයා නිකන් චෙක් කරලා බලන්න කියලා
රිදී තිරයේ සිහින කුමරා ලෙසින් කිරුළු පැළඳි රංගන ශිල්පී රොෂාන් රණවන කියන්නෙ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය චරිතයක්. ආ... දැන් ඔහු පුංචි පැටියෙකුගේ තාත්තා කෙනෙක්. රොෂාන්ගේ බිරිඳ කුෂානි, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැති වුණත් කලා ශිල්පීන්ව සමීපව ඇසුරු කරනවා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කුෂාණි ඇගේ ආදරණීය සිහිනය සැබෑ වුණු හැටි මේ විදිහට විස්තර කළා.
"මම හිතපු නැති වෙලාවක ඒක වුණේ.. අපි දෙදෙනා විඳින්න ඕනේ ආශාවන් වින්ඳට පස්සෙ අපි තීරණය කළා දරුවෙක් හදන්න.. අද වගේ මතකයි එදා පන්සලේ දානේ දෙන දවස. මට මාර අමාරුවක් ආවා ඇඟට.. මම රොෂාන්ට කිව්වා ඩොක්ටර් ළඟට යමු කියමු.."
"රොෂාන් හිනාවෙලා කිව්වා ප්‍රෙග්නට්ද දන් නෑ. ඔයා නිකන් චෙක් කරලා බලන්න කියලා. ඇත්තටම ඒක මට ශොක් එකක්.. මට ඒක අදහාගන්න බෑ. අපි පස්සෙ බ්ල්ට් ටෙස්ට් කළා. දානේ බෙදනකොට තමා රිපෝට් එක ආවේ.. ජීවිතේ සතුටුම දවසක්.. ඒක තාමත් මට අදහාගන්න බෑ.. මම හිතන්නෙ ඕනම අම්මා කෙනෙක්ට ඒ හැඟීම දැනිලා ඇති.."