රෝයල් බර්ත්ඩේ පාටි නැතුව චන්දිමාල් මෙවර උපන්දිනය සැමරූ හැටි
චන්දිමාල් ජයසිංහ කියන්නේ කාලෙන් කාලෙට කතාබහට ලක්වන රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඔහු විසින් සංවිධානය කළ විවාහක රූ රැජින තරඟාවලිය ගැනත් විශාල කතාබහක් නිර්මාණය වුණා. ඒ වගේම චන්දිමාල් ඔහුගේ උපන්දිනයට නොකඩවා පැවැත්වූ 'රෝයල් බර්ත්ඩේ පාටි' එක ගැනද සමාජ මාධ්‍ය තුළ වගේම නිරූපණ ක්ෂේත්රය තුළත් සෑම වසරකම උණුසුම් කතාබහක් ඇති වුණා. පසුගිය දා චන්දිමාල්ගේ උපන්දිනය යෙදී තිබුණා. කෙසේවෙතත් මෙවර නම් ඔහුගේ උපන්දිනයට රාජකීය උපන්දින සාදයක් පවත්වන බවට තොරතුරක් වාර්තා වුණේ. නැහැ. නමුත් ඔහු තමන්ගේ උපන්දිනය නිවසේ සිට චාම් අයුරින් සමරා තිබුණේ මේ විදිහටයි.