රයිනිගේ ජීවිතේ අමතකම නොවන දවසක් ගැන ප්‍රසිද්ධියේ හෙලි කරයි
රයිනි චාරුකා කියන්නෙ ගායන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කවුරුත් ආදරේ කරන යුවතියක්. ඇගේ ආදරණීය මාපියන් තමයි රූකාන්ත සහ චන්ද්‍රලේඛා. කලකට ඉහත රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළට දේශපාලනය නිසා බොහෝ දුක් විඳින්න ට වුණා. ඒ හේතුව නිසාම ඔවුන් කලක් අමරිකා එක්සත් ජනපදයේ ද පදිංචියට ගියා. එදා රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළගේ හිසකේ කපමින් අමානුෂික වද බන්ධන දුන් හැටි දකින්නට තරම් රයිනි ත් අවාසනාවන්ත වුණා. ඒ වන විට කුඩා අවධියේ සිටි ඇය මැරවරයින් නිවසට පැමිණෙන විටත් පාසල් වැඩ කරමින් සිට තිබෙනවා. මේ එදා දවසේ මතක ගැන රයිනිගේ මතක ආවර්ජනය.
"ආයේ කෑ ගහනවා ඇහුණා. එබිලා බලනකොට මම දැක්කා අම්මගේ කොණ්ඩේ කපනව. තාත්තගෙත් කොණ්ඩේ කපනවා. අම්මා මෙහෙම අල්ලන් හිටියා කොණ්ඩේ. මම ආයෙ බලද්දි පෙට්‍රල් හරි ඩීසල් හරි ඔලුවට හලනවා. එතැන ගොඩක් සද්දයි. වොකී ටොකී එහෙමත් ඇහෙනවා. පස්සෙ එකපාරම මම කෑ ගැහුවා. පෙට්‍රල් දැම්මා කියන්නෙ, ඊළඟට වෙන්නෙ ගිනි තියන එක කියලා මම දන්නවා. මම කෑ ගැහුවා.එළියේ කවුරු හරි කිව්වා ඔය ළමයගේ කට වහන්න කියලා..."
"මේ දේවල් වලින් පස්සෙ තාත්තා ගොඩක් කළකිරුණා. ඒ නිසාමයි එයා අපිවත් අරන් රට ගියේ.. තාත්තා දේශපාලනය තෝරගත්තෙ සේවයක් කරන්න.."