රෙද්ද හැට්ටෙ ඇන්දාම, එයාට තියෙන්නෙ වෙනම ලස්සනක්
ටීනා වැඩියෙන්ම අපේ ඇසට හුරුපුරුදු බටහිර පන්නයේ විලාසිතාවලින්නෙ. සරල ගැමි විලාසිතා ඈට හරි දුරයි වගේ. හැබැයි ඉතින් එහෙමමත් නෑ. රෙද්ද හැට්ටෙත් ටීනාට අපූරුවට ගැළපෙනවා. මේ ඇය රෙද්ද හැට්ටෙ ඇඳලා කළ රූගත කිරීමක සේයා රූ කිහිපයක්. බලන්නකො ඉතින් ගමේ කෙල්ලෙක් වගේ නේද.?
මේ ඡායාරූප පෙලත් සමග සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ වචන පෙලක් තමයි මේ තියෙන්නේ,
හරි හොද නිහතමානී චරිතයක් ටීනා . ඒ වගේම තමා දක්ෂ නිරූපිකාවක් .
ඇය එක තැනක සදහන් කරනවා ඇයව සමහර අධ්‍යක්ෂක වරුන් බටහිර පන්නයේ චරිත වලට හිර කරන්න හදනවා " ඔයාට මේක හරියන්නේ නැහැ " වගේ කතා කියලා . ඇය වැඩි දුරටත් කිවේ එහෙම නොකියා ඒ දේ එයාට කරන්න පුළුවන්ද කියලා බලන්න අවස්ථාව දෙන්න ඕනේ . එහෙම නැතුව ඔයාට බැහැ කියලා එක් චරිතයකට සීමා කරන්න එපා .
" මමත් හරි ආසයි ගමේ විදිහට ඇදලා ගැමි චරිත කරන්න "
* ඒ කතාව අහද්දි ඇත්තටම මට දුක හිතුණා . හේතුව අපේ රටේ සිනමාව උනත් පල්ලට වැටෙන්න හේතුව තමා පිටින් බලලා ඒ පුද්ගලයා මැනලා සීමා කරනවා . නමුත් හොලිවුඩ් බොලිවුඩ් වල අති සරාගී නළු නිළියන් වේශ නිරූපණය මගින් හිතාගන්න බැරි විදිහට වෙනස් කරනවා . ඉතින් ඇයි අපිට බැරි .
ටීනාට තියෙන්නේ ඇත්තටම ලස්සන figure එකක් . බටහිර පෙනුමක් නමුත් වලවෙට්ටුවා ටෙලිනාට්‍ය තුල සරාගී ටීනා ශනෙල් මම දැක්කෙ නැහැ .
ඒවගේ වෙනස් වෙනස් චරිත වලින් ඉස්සරහට ගන්න පුළුවන් නම් ලොකු දුරක් යන්න පුළුවන් කෙනෙක් ටීනා කියන්නේ .