රටේ අර්බුද අස්සේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටිය ජයටම සමරයි
අපේ රටේ කොයි කවුරුත් දන්න කියන සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ තරඟ කරුවන් තරු ලෙස හැඩකර රූපලාවන්‍ය ක්ෂේත්රයට පිවිසුණු දිනෙන් දින තමන්ගේ හැකියාවන් වගේම දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් මේ වනවිට අපේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්රයේ ඉහලින්ම ඉන්න නමක් දිනූ දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියන් වගේම මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන්ගේ මංගල දිනයේදී සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් වගේම බොහෝ දෙනෙකුගේ වැදගත් දිනයන් වල ඔවුන්ව හැඩගන්වමින් අපේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්රයේ දිගු ගමනක් පැමිණි ඔහු ගැන සමාජ මාධ්‍ය තුලත් නිරන්තරයෙන් කතා බහට ලක්වෙනවා.
කොහොම නමුත් ගිය වසරේදී වසංගතයත් සමඟ නිරෝදායන නීති පැවතුනු නිසා චන්දිමාල්ට ඔහුගේ උපන්දිනය දවසේ රෝයල් බර්ත්ඩේ පාටිය සමරන්න බැරි වුනා. ඉතින් ඊට පස්සේ අපේ රටේ ඉන්න ජනප්‍රිය කළා තරු රැසක්ම එකතු කරගෙන චන්දිමාල් ජයසිංහ ඔහුගේ උපන්දිනය නැවතත් රට විවෘත්ත කරාට පස්සේ සමරලා තිබුණා. නමුත් වෙනදා මෙන් ජයටම සමරන්න ඔහුට ගිය වසරේදී හැකියාව ලැබුනේ නැහැ. කොහොම නමුත් මෙවර ඔහුගේ උපන්දිනය දවසේ ඔහු වසර ගණනාවක සිටම රාජකීය අයුරින් සමරන ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටිය ලොකුවටම සමරන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා. ඉතින් ඒ වගේම මේ ජයටම සමරපු පාටියට අපේ රටේ සුපිරි කළා තරු රැසක්ම එකතු වෙලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතිං එහි ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ඔබ වෙත ගෙන එන්න හිතුවා.