රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවා - රෝහණ වීරසිංහ කියන කතාව!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනාධිපතිවරණ සටනේදී ගෝඨාභය රාජපක්‍ෂට සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබෙනවා. ඔහු ඒ පිළිබඳව තම  ෆේස්බුක් ගිණුම මගින් මෙලෙස සටහනක්  යොදා තිබුණා.

එම සටහන පහතින්.

අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි.ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි.හොරකම- දූෂනය - වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුල පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා