රංජන් සිරගත දින පන්සීයයි. භූමියෙන් ඉවත් වුණු මදු මාධව රංජන් වෙනුවෙන් තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මධු මාධව අරවින්ද කියන්නේ නිරන්තරයෙන් කතාබහට ලක්වන කලාකරුවෙක්. ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් වන මදු මාධව කාලයක් දේශපාලනයේද නිරත වුණා. කාලයකට පෙර ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක සිටි රූපවාහිනී වැඩසටහනකදී ප්‍රසිද්ධියේ මධු මාධව ඉවත්ව ගිය ප්‍රවෘත්තියද බොහෝදෙනෙකුට අද වගේම මතකයි. ඒ වගේම මදුමාධව අරවින්ද රංජන් රාමනායකව දේශපාලන පිටියේ සතුරෙක් ලෙස හැඳින්වූවා. කෙසේනමුත් රංජන් රාමනායක මේ වනවිට සිරගතව සිටිනවා. ඔහු සිරගත කළ මුල් කාලයේදීම මදු මාධව සටහනක් තබමින් පවසා සිටියේ ඔහු නිදහස් කරගැනීමේ සටනට තමන් සහය ලබාදෙන බවයි. ඒ වගේම පසුගිය දා රංජන් රාමනායකව සිරගත කොට දින පන්සීයයක් ගත වී තිබෙනවා. ඒ දිනය බොහෝ කලාකරුවන්ට අමතකව තිබුණත් මදු මාධවට මතක තිබුණා. ඒ වෙනුවෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

 

“දින 500 ගෙවෙනව නුබ හිර කරලා

කතා කියන උන් සේරම බෝසත්ලා

මම මේ භූමියෙන් ඉවත් වෙනවා "කියල එක දිනක් රූපවාහිනි වැඩ සටහනකින් නැගිටල , යනකොට ,

ඊට හේතුව උනේ දේශපාලකයෙක්....

ඒ දේශපාලනය කියන කුනු ගොඩ මට අලුයම ලූ කෙල පිඩක් සේ අතහරින්න, ඒ කතාව ගොඩාක් උදව් උනා....

මම එදා නැගිටල ගියේ නුබ හන්දයි රන්ජන් රාමනායක කියන දේශපාලකයො....

ඒ මමම මෙහෙම දින ගනින්නේ...

දේශපාලන ලේ වලට වඩා කලා ලේ ඝනකම් නිසයි.....

2021 ජනවාරි 12 ඉදල දින ගනිනකොට හෙටට දින 500 රන්ජෝ..... නුබව හිරකරල.

මම මේ ලිපිය ලියන්නේ ඒ දින පන්සියයක් ගෙවපු, කිසිදින හිර නොවුන ජීවතයක් ගෙවපු...

මගේ සනුහරේ ආදරනීය කොන්ඩෙ බොකුටු නසරානියා....

රංජන් රාමනයාක නම් රන් සමනලයාට....

තමන්ගෙ සනුහරේ උන්ව තලනකොට

අපිට කිරි එරෙන්නේ ,අපිට කවදාවත් අපි එක්ක තරගයක් තිබ්බෙ නෑ......

කලාවට ආස නිසා කලාව කරපු උන්...

අපි ජීවත් වෙන්න , බත් ටික කන්න කලාව කරපු පරපුර.

හැම දේම අසීමිතව තිබ්බ නිසා කලාව කලා නෙවෙයි තියෙන සීමිත දේවල් වලින් කලාව කල එවුන් අපි....

ඒ පරපුරේ මා දුටු ආදරනීයම, සුන්දරම ,නසරානිම අයියල අතලොස්සෙන් උබත් ලොක්කෙක් තවමත් අපිට.....

කලාකාරයා කියන්නේ මහා වාසනාවන්ත කෙනෙක් රන්ජෝ.....

ඒක මම ඉගෙන ගත්තේ කලාවෙන් නෙවෙයි ජීවිතෙන්...දේශපාලනය කියන නරකාදියෙන් අයින් උනාට පස්සෙ, මට ඉතුරු උනේ, ඒ ආදරනීය කලාව විතරයි....


කලා කාරයා හිර වෙලා ඉන්න කැමති නෑ.....

කූඩු වෙලා ඉන්න ඇමති නෑ...

ඔව් .... කලාකාරයා කියන්නේ රං සමනලයෙක්......

මිනියක් නොමරා

කාගෙවත් දේපොල මංකොල්ල නොකා

රටේ සල්ලි හොරකම් නොකර...

ඇත්ත තමන්ගෙ භාශාවෙන් කියපු කොන්ඩෙ බොකුටු නසරානියො.......

වැරදි කතාවක් කිව්වානම්..

ඒ වට නුබ ගෙවපු කාලය....

හොදටම ඇති.....

ඔය මහා පූජාසන වල තියල අදහන අපහාස නොකරයුතු යැයි බලහත්කාරයෙන් අපිට පනවපු දෙවගනගෙත්....

ඇස් දෙක බැන්දේ.......

ඇස් ඇරියනම්.... ඇයටත් හිරබත් කන්න වෙන නිසාද මන් දන් නෑ....

ඇයටත් විලි ලැජ්ජාවක් ඇති වෙන නිසාද මන් දන් නෑ....

කොහොම උනත්....

මිනි මරපු, ස්ත්‍රී දූශනය කල, ලමා අපචාර කරපු

කුඩු ගෙන්වපු

කුලියට අත් පා බෙලි කපපු

ගෙවල් දොරවල් යානවාහන ගිනි තියපු

මහා දන මංකොල්ල කාපු

එකී මෙකී නොකී සබ්බ පාපයන් කල දහස් ගනනක් නිදැල්ලේ ඉන්න නගරයක.....

නුබට පමනක් වචනයක් වැරදුනාට මේ දෙන වදය....

කුහකකම් නැති....

පක්ශ පාට ඔලුවෙ නොදා ගත්ත...

නුබට කැමති වගේම නුබට අකමැති කිසිවෙක් අනුමත කරන් නෑ.....

තමන්ට වඩා ලස්සන

තමන්ට වඩා කොන්දක් තියෙන

තමන්ට වඩා ජනතා ආදරයක් තියෙන,

තමන්ට වඩා වෙනස් දේ කියන, තමන්ට වඩා ගැහැනු ආකර්ශනයක් තියෙන පාපකර්මයට සමහරු මනසින් ලොකු සතුටක් ලබනවා නුබ හිරබත් කන එකට......

හැබැයි පැය විසිහතරක් කූඩුවක වචනයක් වැරදුන මිනිස්සු ගාල් කලොත්.....

මේ රටේ කිරි දරොවො ටික ඇරුනම..... සියයට 99 අද හිරගෙවල් වල....

ලෝකෙටම අවවාද දෙමින් කරන්න හිතන්න පුලුවන් අලුගෙත්තේරු වැඩ හොරාට කරන උන් මැද.. උබ මහා ඇත්තක්....

මිනිස්සුන්ගෙ ආදරේ තියෙන උබ කොච්චර පෝසත් ද?

කතා හදපු උන් සේරම බෝසත්ද?

උබ වෙනුවෙන් හඩ නගන නිරන්ජන්, සුනිල් ටී, සුරංග අල්විස් ඇතුලු ආදරනීය කලා කරුවන් වගේම මේරටේ දේශපාලනයෙන් තොරව නුබේ නිදහස පතන යෝධ පෙර හැරට....

මගෙ නමත් ඇතුල් කරගන්න....

මිනිසුන්ගෙන් කරන කරන වැඩේට බැනුම් අහන දේශපාලන නායකයින්ට, අඩු තරමේ නුබව එලියට දාල.....

මේ මිනිහා හිටියා ඇති ඇතුලෙ කියල හිතපු මිනිස්සුන්ගෙන් පොඩි හොදක් අහ ගන්න පින නෑ...

මහ උන්ට සහ වටේ අවවාද දෙන්න ඉන්න බකපන්ඩිත යන්ට මොලේ නෑ....

මට හිතෙනව, දැනෙනව වගේම මම පතනව...

මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්.....

නුබට නිදහස ලැබෙයි කියලා.....

නුබව අදුනන් නැති මිනිසෙක් නෑ....

ඇතුලට ගිය නුබට වඩා....

එලියට එන නුබ....

ගොඩාක් මිනිස්සු අදුන ගන්න ඇති.....

අරක කරපං, මේක කියපන් කියල නුබව තව තවත් අනතුර වෙත තල්ලු කරපු අය, බත් ඇටයක් අරන් නුබව බලන්න ආවද මම දන් නෑ....

නිදහස් උනාම.... බත් කටක් කන්න අපේ ගෙදර වරෙන් මහත්තයො....

එදාට එක සැරයක් කෑ ගහල අඩල, ඊට පස්සෙ අපිව හිනස්සපන් හැමදාම වගේ පපුව රිදෙනකම්....

සත්තයි බිම නිදියන නුබව ,

පෝලිමේ ගිහින් මූනකට හෝද ගන්න නුබව,

ජම්පරේ ගහල ඉන්න නුබව,

බෑග් එකක් අරන් බස් එකේ නඩු වලට එක්කන් එන නුබව...

දැකල, මතක් වෙලා පපුව , හෝස් ගෑව අවස්තා..

කදුලු එලියට පැන්න අවස්තා , හීල්ලුන අවස්තා බොහෝමයි.......

ලෝක අපරාද කරපු, කාලකන්නි එලියෙ උත්සව වල හමු වෙනවා රන්ජෝ......

පාපතර සල්ලි, දේශාපාලන බලය, අසික්කිත රස්සා කරන උන්ව මේ භූමියෙ අදටත් හමුවෙනවා.....

විශ්වාසකරන්න රංජන් ලොකු අයියේ....

මම උන්ව දැක්ක හැටිය....

උන් ඉන්න භූමියෙන් ඉවත් වෙනවා.....

උන් මට හිගන්නෝ, උන් ලග තිබ්බේ, සල්ලි සහ බලය විතරමයි ....

ඊට වඩා හරියට රස්සාවක් නැති මගේ එවුන් මට මහා ලොකු පොරවල්....

ඉතිං, ආයෙත් කියන්නේ....

අපේ ගෙදර කිසිම ඇමතියෙක්, මන්ත්‍රීවරයෙක්,පලාත්සබෙක්, අඩු තරමේ මම ඉන්න ප්‍රදේශයෙ මන්ත්‍රීවත් ඇවිල්ල නෑ.....

ඇවිල්ල නෑ නෙවෙයි.....එන්න කියල නෑ......

ඉක්මනින් නිදහස් වෙලා දවසක එන්න...

ආයෙ රගපාන්න, ගී ගයන්න ඉක්මනින් නුබට ලැබේවා.....

මදු මාදව අරවින්ද

(නුබ හිටිය දේශපාලනය කියන භූමියෙන් ඉවත් උන එකෙක්..)”