යුරේනි නොෂිකාගෙන් තිළිණි ප්‍රියමාලි ගැන කියමින් ෆේස්බුක් සටහනක් තබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඇය පිළිබඳව මේ දිනවල තව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ප්‍රසිද්ධ පුද්ගලයින්, ව්‍යාපාරිකයින් ඒ අතර වෙනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ජනප්‍රිය නිළි යුරේනි ඒ ගැන තැබූ සටහනක් දක්නට ලැබුණා.

පහතින් දක්නට ලැබෙන්නේ ඇය තැබූ එම සටහනයි.

"මගෙ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මම ද හවුල් වූ බවට කියැවෙන වට්සඇප් පණිවිඩයක් මේ දිනවල සංසරණය වෙයි.

මේ සඳහන් කරන කාරණය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මේ කාන්තාව සහ මා අතර කිසිදු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකරයක සම්බන්ධයක් නැති බවත් තරයේ සඳහන් කළ යුතුය.

පෞද්ගලිකවම මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදා ගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලු දෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවත් මෙහිදී කිව යුතුය..."