මේ දිනවල ජනප්‍රියතම සිනමා නිළිය උදාරි කිව්ව කවුරුත් නොදන්නා රහස
දිනවල ලංකාවේ කාර්යබහුලම නිළිය කව්ද කියල ඇහුවොත් ? ඔබේ පිළිතුර අනිවාර්යයෙන් ඒ උදාරි වර්ණකුලසූරිය කියලා. මොකද ඇයට සිනමා නිර්මානවලට තියෙන ඉල්ලුම වැඩිවනවා මිසක් තවමත් අඩු වීමක් නැහැ. මේ දිනවල තිරගතවන අතිශය ජනප්‍රිය සහ විශාල ප්‍රේක්ශක ආදරයක් ලැබුන සිනමා නිර්මාන කිහිපයකම ඇය දකින්න පුළුවන්.
ඉතින් මෙතරම් ජනප්‍රිය සහ කාර්ය බහුල සිනමා නිළියක්වන උදාරිට මුල්ම කාලයේ නම් එයාගේ අම්මා එයා නිළියක් වෙනවට කැමැත්තක් තිබිලා නැහැ. හැබැයි එයාගෙ තාත්තා නම් කැමැත්තෙන් ඉඳලලු තිබුනේ උදාරි නිළියක් වෙනවට. මොනවා වුනත් දැන් එයාගෙ අම්මාත් හරි සතුටෙන්ලු ඉන්නේ උදාරි නිළියක් වීම ගැන. අම්මගෙනුයි තාත්තගෙනුයි පූර්ණ ආශිර්වාදය ලැබිලලු තියෙන්නෙ එයාගෙ කළා ගමනට.