මං ආයෙ ඔක්ටපෑඩ් ගහන් නෑ! කවුරුත් මූට හොඳ වැඩේ කියලා මඩ ගහලා තිබුණේ නෑ
නදීර නෝනිස්. ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ හිටපු ඔක්ටපෑඩ් වැඩකරුවා. නමුත් කාලයත් එක්ක ෆ්ලෑෂ් බෑක් එකෙන් ඉවත් වන නදීර තවත් සංගීත කණ්ඩායම් කිහිපයකට ම ඔක්ටපෑඩ් වාදකයෙකු ලෙස සම්බන්ධ වෙනවා. දැන් ඔහු වෙනස්ම ගමනක් යන්නේ. ඒ ගැන දැනගන්නත් එක්ක අපි ඔහුව සම්බන්ධ කරගත්තා.
නදීර නෝනිස්ව අපි දැන අඳුනගත්තේ ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට. දැන් කෝ ඒ වාදකයා ?
ආයේ ඉතින් දකින්න හම්බෙන් නෑ. හේතුව තමයි ඔක්ටපෑඩ් නොගහා ඉන්න මම තීරණයක් ගත්තා. ෆ්ලෑෂ් බෑක් එකෙන් අයින් වුණෙත් ඒ තීරණය අරන්. හැබැයි තිබ්බ ආර්ථික අපහසුතා එක්ක මට ආයෙම ඔක්ටපෑඩ් ගහන්න වුණා. නමුත් දවසින් දවස තාක්ෂණය දියුණු වෙනවා. ඇරොස්ටාර් එකේ ප්ලේ කළා. රොෂාන් පෙරේරා තමයි ඩ්‍රම්ස් ගැහුවේ. පස්සෙ ඒ වගේ කෙනෙක් හම්බුණේ නෑ. මොකද ඔක්ටපෑඩ් ගහන කෙනෙක්ට ඩ්‍රම්ස් ගහන කෙනාගේ ටෙම්පෝ බලපානවා.
නදීර සංගීත කණ්ඩායම් කිහිපයකම වැඩ කරනවා. එතනින් වැඩියෙන්ම කැමති බෑන්ඩ් එක මොකද්ද?
අනිවාර්යෙන්ම ෆ්ලෑෂ් බෑක් තමයි. රොෂාන් අයියගේ අනන්‍යතාවය එක්ක, හොඳම කාලයක් ඒක. මැරෙනකන් ආසම එක ෆ්ලෑෂ් බෑක්.
ඇයි නදීර සංගීත කණ්ඩායම්වලින් ඉවත් වෙන්නෙ? ඇති කියලා හිතිලද?
ගොඩක් ආරාධනා ආවා, එනවා මෙච්චර ගණන් දෙන්නම් කියලා. අවුට් ඩෝ ෂෝවලට මම ආදරෙයි. මොකද මම ආවෙත් එතනින්. නමුත් දැන් මම වෙනම ගමනක් පටන් අරන් තියෙන්නෙ.
පසුගිය කාලේ නදීර මිය ගියා කියලා ආරංචියක් පැතිරුණා..?
ඔව්.. හැබැයි කවුරුත් මූට හොඳ වැඩේ කියලා මඩ ගහලා තිබුණේ නෑ. මම මිනිස්සුන්ට සළකන විදිහට මට කවුරුත් එහෙම කියන් නෑ. පුදුම ආදරේ මිනිස්සු කොට්ඨාශයක් මම දැක්කා. ඕක ඉතින් මැරුණා කියලා දාපු පළවැනි වතාවත් නෙවෙයි. මීට කලිනුත් මම බෑන්ඩ් එකකින් අයින් වුණාම ගොසිප් ගහලා තිබුණා.
මොකද්ද මේ Degree?
මේක ඇත්තටම අවුරුදු කිහිපයකට කලින් පටන් ගත්තේ. එකෝටික්ස් බෑන්ඩ් එකක්. අපි කිහිප දෙනෙක් ගෙදර පටන් ගත්තේ. අවුරුදු 3ක් යද්දි මට අවශ්‍ය දේ කරගන්න බෑ කියලා තේරුණා. ඒ වෙද්දි රෙජිස්ටර් කරලත් තිබුණේ නෑ. මම තීරණය කළා රෙජිස්ටර් කරලා ගමනක් පටන් ගන්න. වයසින් බාල, දක්ෂයෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා මා එක්ක. ඉතින් ඒක මාර සතුටක්... වැඩේ ලස්සනට යනවා. අපි තෝරගෙන බේරගෙන මේ දවස්වල වැඩ කරන්නේ. ප්‍රසංග කරනවා නම් හරියට ප්ලෑන් කරලා සංවිධායකවරයාටත් සාධාරණයක් වෙන්න කරන්න ඕනි.
අපිට කියන්නකෝ නදීරගේ පවුලේ තොරතුරු..?
මගේ බිරිඳව මතක් කරන්නම ඕනි. මගේ වෙනස්වීම්වලට පාර කැපුවනම්, ඒක කළේ එයා. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. ඒ දෙන්නත් මියසික් ඉගෙන ගන්නවා. ඉතින් අපි ලස්සනට මියුසික් එක්ක ජීවත් වෙනවා. මම ඉල්ලීමක් කරනවා, ඉදිරියේ දී තියෙන ප්‍රසංග වලට අපිටත් කතා කරන්න. අපේ බෑන්ඩ් එක ලෑස්තියි. නොම්බරේ 0777454040.
By සෑම්