’’මේ අවුරුද්දම සුබම සුබයි, ඔයත් ළඟ හිටියා නම් තාත්ති’’ පියුමි බොතේජුගෙන් සංවේදී සටහනක්
අවුරුදු හැමෝටම එක වගේ නෑ. ඒ කියන්නෙ සතුට විතරක්ම පිරිලා නෑ ජීවිතවල. තමන්ගෙම කෙනෙක් ළඟ නැතුව ලබන අවුරුදු සුබ වෙන්නෙ නෑ එහෙම. නමුත් අපි කෙසේ හෝ හිනාවෙලා ඉස්සරහට යා යුතුමයි.
අපි ඒ කතාව කිව්වෙ ජනප්රිය රංගන ශිල්පිනි පියුමි බොතේජු විසින් තබන ලද සටහනක් ඇස ගැටුණු නිසයි.
ඇය මේ සටහන තබා තිබුණේ පවුලේ අයත් එක්ක මෙවර අවුරුදු සැමරූ සේයා රූ එකතුවක් ද සමඟ.
ගෙවුණු වසරේ ඇයගේ පියා දිවිගමන නිම කළ නිසාම,
ඔහු නැතිව සමරන අවුරුද්ද ගැනයි ඇය මේ සටහන පළකර තිබුණේ.
"ආදරේ පිරෙන සතුට වැඩිවෙන සෙනෙහස දෝරේ ගලන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්දම සුබම සුබයි ඔයාත් ලග හිටියනන් තාත්තී "