මහා රෑ කිරිබත් හදාගෙන ගෙදර අයිතිකාරයොන්ට බෙදුවා - හෂිනි විමලසිරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020 වසරේ තමයි මමයි මගේ සැමියා නවීනුයි පළමු වතාවට සිංහල අවුරුද්ද සැමරුවේ. එතකොට කොවිඩ් වසංගත තත්ත්වය පළමු රැල්ලට මුහුණ දීලා හිටියේ අපි. කොවිඩ් ආපු අලුත නිසා රෝගය ගැන අපට ලොකු දැනුමක් තිබ්බෙත් නැහැ. ගොඩක්ම බය වෙලා හිටියේ. මම ඒ කාලේ අම්මා කෙනෙක් වෙන්න සූදානමින් හිටියේ. රටත් වහලා තිබුණ නිසා අපි දෙන්නත් ගෙදරටම කොටු වෙලා. කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැතුව ගත කළ ජිවිතේ පළමු සිංහල අවුරුද්ද මම හිතන්නේ ඒක. මගේ මතකය හැටියට අවුරුදු නැකත් ඔක්කොම වගේ තිබුණේ රෑ වෙලා. නවීන් තමයි එදා කිරිබත් හැදුවේ. කොවිඩ් දරුණුවට තිබුණ කාලයක් ඉතින් අවුරුද්දක් කියලා දෙයක් තිබුණේ නැහැ අපිට සමරන්න. පාළුව යන්නත් එක්ක  අපේ ගේ අයිති කට්ටියව මහා රෑ  ඇහැරවලා නවීන් හදපු කිරිබත් එහෙම ගිහින් දුන්නා. ඒ අවුරුද්ද නම් මට කවමදාවකවත් අමතක නැහැ.