මව් පදවිය ලබන්න සුදානම් වෙන, සුරූපී නිරූපණ ශිල්පිනි ඉමායා ලියනගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.  
‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයටත් පිවිසුණා. ඔන්න ඉමායා විවාහ වෙලා අවුරුදු දෙක හමාරකට පස්සෙ මව් පදවිය ලබන්න සුදානම් වෙනවා.

ඒ සුබ ආරංචිය කියමින් ඇය ඇගේ මුහුණු පොතට ඡායාරූපයක් සමඟ ආදරණීය සටහනක් ද එක් කර තිබුණා.
 
"පුංචි කාලෙම හම්බවෙලා, වචන වලින් විස්තර කරගන්න බැරි තරම් බාධක වලින් පැනගෙන, අවුරුදු 14ක් ආදරවන්තයො වෙලා ඉඳලා... ඊටත් පස්සෙ අපි කසාද බැඳලා දැන් අවුරුදු දෙකහමාරකුත් වෙලා. දැන් ඉතින් ඔයාටයි මටයි “අම්මායි තාත්තායි” කියලා කතා කරන්න පුංචි පැටියෙක් අපි දෙන්නගෙ පුංචි ලෝකෙට එන්න දින ගනිනවා !!! "