’’මෙවැනි රටක ඉපදීම මා ලැබූ වාසනාවකි’’ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පුෂ්පිකා කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා කියන්නෙ නිතර කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ සමාජ මාධ්‍යය සටහන් අතර රට ගැන ලියවුණු අපූරු සටහන් සෑහෙන්න. ඔන්න ඉතින් ඒ විදියට ඇය සිය ෆේස්බුක් සටහන් අතරට එකතු කර තිබූ අපූරු ලියමනක් මේ විදියට අපේ ඇස ගැටුණා.

"අපේ පුංචි රටට විදේශ සංචාරකයන් පැමිණෙන්නට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ සෑම අතින්ම අප වට කරගෙන තිබෙන නිල්වන් මුහුදු තීරයයි.

අපේ රටේ විවිධ ප්‍රදේශවල ඇති මුහුදු ප්‍රදේශ එකින් එකිනෙකට වෙනස් ය. හික්කඩුව ප්‍රදේශයේ අලංකාර කොරල් පර සහිත සුන්දර මුහුදක් ඇති අතර ත්‍රිකුණාමලයේ මාබල් වෙරළ තීරයේ ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් පරිසරයකි.

ඔබට ආරුගම්බේ මුහුදු තීරයට ගියහොත් රළ මත ලිස්සා යෑම හෙවත් සර්ෆින් ක්‍රීඩාව කළ හැකිය. ලෝකයේ ස්වාභාවික වරායන් ඉතා දුර්ලභ වන අතර ත්‍රිකුණාමලය වරාය ද ඉන් එකකි.

යාපනයේ සිට ඉන්දියාවට ඇති දුර මුහුද හරහා තරණය කළ හැකිය. අපේ රට රටට ආවේණික මෙන්ම ඉතා රසවත් මත්ස්‍ය සම්පත නිසා අපේ රටේ ධීවර කර්මාන්තය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වේ.

ඉතින් මෙවැනි සුන්දර මුහුදු තීරයක් සහිත රටක ඉපදීම මා ලැබූ වාසනාවකි.

- පුෂ්පිකා ද සිල්වා "