මවගේ 82 වැනි උපන් දිනයට සුබ පැතුම් එක් කල ඩිලන්ත මාලගමුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව සිය මවගේ උපන්දිනය වෙනුවෙන් තබන ලද ආදරණීය සුබපැතුමක් අපිට දකින්න ලැබුණා. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන්. සටහනත් එක්කම සොඳුරු ඡායාරූපයක් ද මේ විදියට තබා තිබුණා.

"අද මගේ අම්මාගේ 82 වැනි උපන් දිනයයි. මාගේ ජයග්‍රහණය සියල්ලටම අම්මා දුන් අවවාද , කියා දුන් කරුනා, දයාව හේතු උනා. කෙනෙකුට වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ දෙමවුපියන්, බොහෝ දෙනෙකුට එය වැටහෙනකොට ඔවුන් අප අතරින් වෙන්ව ගිහින්. ඔවුන් ජීවත්ව සිටියදී ඔවුන්ව ආදරයෙන් රැක බලා ගන්න. ඔබේ දරුවොත් ඔබට සලකන්නේ ඔබ ඔබේ දෙමවුපියන්ට සලකන විදිහ බලාගෙනයි. උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ "