මිලියනයක ආදරය ලැබූ ජනයි ප්රියයි
ජනයි ප්රියයි හාස්යයෝත්පාදක වීඩියෝ බලලා තිබෙන කෙනෙක්ට ජනයි ප්රියයි ගැන අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැනේ. රංග ජයකොඩි සහ චමල් රත්නායක තමයි ජනයි ප්රියයි යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන්නේ. යූ ටියුබ්, ෆේස්බුක් හරහා මේ දෙදෙනාගේ හාස්යයෝත්පාදක වීඩියෝ නොබලපු කෙනෙක් නොමැති තරම්. මේ කියන්න යන්නේ ඔවුන් දෙදෙනා පසුගිය දා ලැබූ ජයග්රහණයක් ගැනයි.
ජනයි ප්රියයි නිළ යූ ටියුබ් නාලිකාව පසුගිය දා සබ්ස්ක්රයිබ් මිලියනයේ සීමාව පසු කළා. හාස්යයෝත්පාදක වීඩියෝ නිර්මාණය කිරීමේ නාලිකා අතර සබ්ස්ක්රයිබර් මිලියනයේ සීමාව ඉක්මවූ යූ ටියුබ් නාලිකා කිහිපයයි අපේ රටේ තිබුණේ. ඒ ගොන්නට දැන් ජනයි ප්රියයි එකතු වී තිබෙනවා.