මෙයා ආශ්‍රය කරපු ගර්ල් හරි නෑ.. එයාගේ කට පොඩ්ඩක් හරි නෑ.. මම කතා කරනවා දැක්කොත් බනිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් සතරසිංහ. දිනිති වල්ගමගේ. මේ දෙන්නාගේ ආදර කතාව (ඒක ඒ දෙන්නා තාම හරියට කියලා නම් නෑ හැබැයි!) රහසක් වෙලා තිබුණා වුණත් දැන් ඒ රහස ප්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි. ඒ වගේම, මේ දෙන්නා ප්‍රසිද්ධ මාධ්‍ය තුළත් මේ ගැන සඳහන් කරලා තිබුණා. මෑතක පළ කරපු වීඩියෝවකින් සංගීත් සහ දිනිති ඒ දෙන්නාගේ මුණගැසීම සිද්ධ වුණු හැටි හෙළි කරලා තිබුණා. ඒ වෙලාවේ දිනිති කියලා තිබුණේ "එක්තරා ගර්ල් කෙනෙක්" නිසා සංගීත් එක්ක අමනාපයෙන් උන්නා කියලයි. හැබැයි ඒ "ගර්ල්" කවුද කියන එක නම් ඒ දෙන්නා සඳහන් කරන් නෑ.

මේ තියෙන්නෙ දිනිති කිව්ව ඒ කතාව..

"මං මෙයාව අඳුරගෙන අවුරුදු තුනක් විතර වෙනවා. ප්‍රෙන්ඩ්ශිප් එකට අවුරුදු එකහමාරක්. මුලින් මම මෙයාට කැමති නෑ. අපි දෙන්නට දෙන්නා පේන්න බෑ. මට නම් කොහොමත් පේන්න බෑ. මම ඇත්තම කියන්නද? මෙයා ආශ්‍රය කරපු ගර්ල් හරි නෑ. ගර්ල් ෆෙර්න්ඩ්ම නෙවෙයි එයා. එක්කෙනෙක් හිටියා.. එෆෙයා එකක් තිබුණේ නෑ මං හිතන්නෙ. ඒ ගර්ල්ගේ කට පොඩ්ඩක් හරි නෑ. මම කතා කරනවා දැක්කොත් මෙයාට බනිනවා. එයාට පොඩි ට්‍රැක් ගතියක් තියෙනවා. ඒ ගර්ල් නිසා මම මෙයාගෙන් ඈත්වෙලා හිටියේ. ඒ නිසා මම මෙයාට ආස නෑ පොඩ්ඩක්වත්. දැක්කත් අහක බලාගන්නවා. කෝල් කළත් ආන්සර් කළේ නෑ. ඉන්ස්ටත් අන්ෆලෝ කළා. එෆෙයා එක නැවතුණාම තමයි මෙයා හොඳ වුණේ. ඒක ටූ මච් වගේද ? (ඕනෑවට වැඩී වගේද) දැන් ඉතින් කියලා ඉවරයිනේ..."