මියගිය සුමනා අමරසිංහ ගැන නිළි නිල්මිණී තැබූ සංවේදී සටහන
ලාංකේය සිනමාවේ සූකිරි කෙල්ල ලෙසින් හැඳින්වූ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ පසුගිය දා අභාවප්‍රාප්ත වූවා. සිනමා නිළියක් ලෙසම ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක් වූවා. සුමනා අමරසිංහ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරමින් සිනමාවට හඳුන්වා දුන් නළු නිළියන් අතිවිශාලයි. ඒ අතර කාගේත් ආදරය දිනාගත් නිල්මිණී තෙන්නකෝන්ද වනවා. ඉතින් නිල්මිණීව සිනමාවට ගෙන ආ සුමනා අමරසිංහගේ වියෝව පිළිබඳව නිල්මිණි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සංවේදී සටහනක් තබා තිබුණා.
“මගේ ආදරණීය සුමනක්කා මගේ කලා ජීවිතය මා පාසල් යන කාලයේ මා පළවෙනියෙන්ම දැක්ක නිළිය ඇයයි මා ඇයව දැක්කේ සුරංගනාවියක් වගේ මගෙ සමරු පොතේ එතුමියගේ අත්සන තැබුවේ නිහතමානිව පාසැල් ඇඳුමින් සැරසී සිටී මා දෙස බලා මගෙන් ඇසූ දේ අදටත් මගේ කන්දක දෝංකාර දෙනවා ඒ තමයි රඟපාන්න ආස නැද්ද නැටුම් පුලුවන්ද මගේ දිගු වරලස දිහා බලලා රඟපාන්න ආසයි නම් අම්මගෙන් අහලා හම්බවෙන්න එන බව පැවසුවා මා හට මට දැනුනේ ඒ වෙලාවෙදි මගේ හුස්ම හිරවෙනවා වගේ මගේ අම්මා ගෙන් අවසර අරගෙන මගේ අක්කත් සමඟ ඇගේ නිවසට ගිය මොහොතේදී ඇය මාව රෝයි ද සිල්වා මහතා සමඟ කතා කර ිත්‍රපටිය රඟපාන්න අවස්ථාව ලබා දුන්නා ඒ මගේ ආරම්භය මම හැමදාම ඔබ දෙපලට ආදරේ ඔබතුමියට නිවන් සුව ලැබේවා”