මම හිතන්නෙ හැමදේම සුදුසු කාලෙදි සිද්ධ වෙයි. ඒ කාලය එනකම් මම බලාගෙන ඉන්නවා
කලා ක්ෂේත්රයට අලුතින් එකතු වුණු මුහුණු අතරින් වැඩි කතාබහකට ලක්වුණු චරිතයක් තමයි අමා සේනානායක. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට පැමිණි ඇය විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වෙන්නෙ රංගන ක්ෂේත්රයට සම්බන්ධ වීමත් සමඟින්. මෙවර සඳැල්ලෙන් ඇය සමඟින් කතාබහක් සිදු කෙරෙනවා.
අමා සේනානායක මේ දිනවල කතාබහට ලක්වෙලා ඉන්න කලා තරුවක්. ඉතින් මුලින්ම මේ අමා කව්ද කියමු?
මම බිනරි අමන්ද්‍යා සේනානායක. ගොඩාක් දෙනෙක් මට කතා කරන්නේ අමා කියලා. අමන්ද්‍යා කෙටි කරලා තමයි අමා වුණේ. ඒ නමට මමත් ගොඩක් ආසයි. එතකොට මම ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. මට දැන් අවුරුදු 23ක් වෙනවා. ඉතින් තවමත් වැඩිදුර අධ්‍යාපනය හදාරන ගමන් තමයි කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නෙ.
කලා ක්ෂේත්රයට එන්න පාර කැපෙන්නෙ කොහොමද?
ඇත්තටම කලා ක්ෂේත්රයට එන්න මම කවදාවත් හිතපු කෙනෙක් නෙමෙයි. මගේ හීනය වෙලා තිබුණෙ බැංකු ක්ෂේත්රයට සම්බන්ධවෙලා, ඒ තුළින් ඉහළට යන්න. මම මේ වෙද්දිත් ඒ දේට අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙන්නේ. නමුත් නොහිතපු විදියට කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ මම 2022 වසරේ හිරු අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳීමෙන් අනතුරුව. මගේ අක්කා තමයි ඒ තරගයට මගෙ අයදුම්පතක් යොමු කරන්නෙ. ඇත්තටම කියනවා නම් මගේ කැමැත්තක් තිබුණෙ නැහැ මේ තරගයට සම්බන්ධ වෙන්න. මොකද ඒ කාලෙ මම කොවිඩ් පොසිටිව් වෙලා හිටියෙත්. ඒ නිසා ඇඟත් මහත් වෙලා තිබුණෙ. නමුත් ඒ දේට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා අක්කා සූදානම් කරලා තිබුණෙ. මට තිබුණෙ සහභාගි වෙන්න විතරයි. කොහොමහරි ඉතින් මම ඒ සියලු බාධක මැද තරගයට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා එතැනින් අවසන් තරගකරුවන් 12 දෙනාට තේරී පත්වෙන්නට අවස්ථාව ලැබුණා.
මුලින්ම අකමැත්තක් එක්ක අක්කගෙ බල කිරීමට සම්බන්ධ වුණත් මම සම්බන්ධ වුණු පළමු තරගයකින්ම ඉදිරියට යන්න ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණෙ නැහැ. අවසන් තරගකරුවන් 12 දෙනා අතරට ආවට පස්සෙ එතැනින් අවසන් තරගකරුවන් 5 දෙනා අතරටත් ආවම මට හිතුණා ජයග්‍රහනයට යන්න හැකිවෙයි කියලා. මුලින්ම එහෙම දෙයක් හිතුනෙම නැහැ. මොකද ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියේ ගොඩක් ලස්සන දක්ෂ තරුණියන් පිරිසක්. ඒ නිසාම මුලදි මට විශ්වාසයක් තිබුණෙ නැහැ මේ තරගය සම්බන්ධව. කිරුළ උරුම කෙනාට ලැබෙයි කියන තැන හිටියෙ. නමුත් ඉතින් මට ඒ තරගයෙ ජයග්‍රහණය ලැබිලා කිරුළ පළඳද්දි මාරම සතුටක් තමයි දැනුණෙ. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතුණා.
අවුරුදු කුමරිය වීමත් එක්ක ද නිරූපණයට එන්නෙ?
මම අවුරුදු කුමරිය වෙන්න කලින් බ්‍රයිඩ්ල් ෙඩ්‍රසින් ගොඩක් කරලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධ වුණේ ගොඩක්ම මම දන්න හඳුනන අයගේ. විශේෂයෙන්ම මගේ
අක්කගේ රූපලාවන්‍යාගාරයේ. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම අක්කගේ යෙහෙළියන්ගේ රූපලාවන්‍යාගාරවල බ්‍රයිඩ්ල් ෙඩ්‍රසින් කළා. ඒ විදියට විනෝදයට වගේ කළත් වෘත්තිමය විදියට මට ඒ දේ කරන්න ඕන වුණේ නැහැ. නමුත් අවුරුදු කුමරිය ජයග්‍රහනයත් එක්ක බ්‍රයිඩ්ල්වලට මට බොහෝ දෙනෙක්ගෙන් ආරාධනා ලැබුණා. ඉන්පසුව තමයි වෘත්තියක් විදියට බ්‍රයිඩ්ල් ෙඩ්‍රසින් ආරම්භ කරන්න හිතුවේ.
• මේ වෙද්දි කී වතාවක් මනාලියක් විදියට හැඩ ගැන්විලා තියෙනවද?
මේ වසරට පමණක් 150 වතාවක් හැඩ ගැන්විලා ඇති. මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා තවම ටික කාලයයි. අවුරුද්දකටත් වඩා අඩු කාලයක් වෙන්නෙ. නමුත් මේ ටික කාලෙට මට හිතාගන්න බැරි විදියට ආරාධනා ලැබෙනවා.
• අමා මුලින්ම මනාලියකට හැඩ ගැන්වුනු දවස මතක ද?
අම්මෝ ඔව්, හොඳට මතකයි.
ඉතින් එදා මොකද හිතුණෙ?
මනාලියක් විදියට හැඩගැන්විලා කණ්ණාඩිය ඉදිරියට ගියාට පස්සෙ මට හිතුණෙ කවදහරි මම ඇත්තටම මනාලියක් වෙන දවසට මීට වඩා ලස්සනට ඉන්න ඕනැ කියලා. මගේ අක්කා තමයි මාව මුලින්ම මනාලියකට ඇන්දුවෙ. ඊට පෙර තැල්ලක් තියලත් නැහැනෙ. ඉතින් මම පළමුවෙන්ම මනාලියට අඳින්න කලින් තැල්ල තියන්න නැකතක් පවා අම්මා හදාගෙන ඇවිල්ලා තිබුණා. එදා ගෙදර පිරිත් එහෙම දාලා තමයි මාව මනාලියට ඇන්දුවෙ. එදා මම හරි ලස්සනයි කියලා මට ගොඩක් දෙනෙක් කිව්වා. එදා ඒ ආරම්භ කරපු ගමන මේ විදියට ඇවිල්ලා තියෙන්නෙ.
අමා ඇත්තටම මනාලියක් විදියට අඳින දවස ළඟයි ද?
තවම නම් නැහැ. මම හිතන්නෙ හැමදේම සුදුසු කාලෙදි සිද්ධ වෙයි. ඒ කාලය එනකම් මම බලාගෙන ඉන්නවා.
නිරූපිකාවක් විදියට ගොඩක් දෙනෙක් ආදරය කරපු අමා රංගන ශිල්පිනියක් වීම සම්බන්ධවත් කතා කරමු?
ඇත්තටම මම නිරූපිකාවක් විදියට හැඩ ගැන්වීම්වල යෙදෙද්දිත් මට රංගනය වෙනුවෙන් ආරාධනා ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ඒ ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වුණා. කොහොමත් මම රංගනයට හරි බයයි. කැමරාවක් ඉදිරියේ රඟපානවා, දෙබස් කියනවා කියන දේ මට අපහසුයි වගේ දැනුණෙ. නමුත් රංගනයට සම්බන්ධ අත්දැකීම මම පසුගිය කාලෙ ලබාගත්තා. ඒ කොටස් 19ක ටෙලි නිර්මාණයකට සම්බන්ධවීමත් එක්ක. ඒ පසුගියදා නිමාවට පත්වුණු ‘‘පියවදනි’’ නිර්මාණය. ඒ තුළ ලැබුණු අත්දැකීම හරිම සුන්දරයි වගේම ආදරණීයයි. මුල් ටිකේ රංගනයෙ පොඩි අපහසු ගතියක් තිබුණත් ටික දවසක් යද්දි ඒ චරිතයටත් නොදැනිම ආදරේ කරන්න ගත්තා. ඒ වගේම රංගන ක්ෂේත්රයටත්. මොකද රංගනය තුළ මට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි. හිතපු නැති විදියෙ ප්‍රතිචාර ලැබුණා. මටම හිතාගන්න බැහැ ඒ තරම් පිරිසක් මට ආදරය කළා ද කියලත්. වෙනම රසික පිරිසක් මගේ රංගනය වෙනුවෙන් එකතු වුණා. සමාජ ජාලා ඔස්සේ විශේෂයෙන් ෆේස් බුක් හරහා ප්‍රතිචාර ලැබුණා. රංගනයෙ හොඳ, නරක දෙකම කතා කරපු අය හිටියා. මම හරිම ආදරෙන් තමයි ඒ සියල්ල භාර ගත්තෙ. ඇත්තටම ගොඩක් සතුටුයි පළමු රංගනයෙන්ම ඉහළම ප්‍රතිචාරයක් ලැබීම ගැන.
ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක නිරූපණ ශිල්පිනියට දැන් රංගනය ඇතුළෙ ඉල්ලුමක් ඇති එහෙනම්?
ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. මේ වෙද්දි නිර්මාණ දෙක තුනකට වගේ කතා කරලත් තියෙනවා. ඒවා මට කරන්න පුළුවන්ද කියන දේ ඉදිරියෙදි බලන්න ඕනෑ. හොඳයි කියලා හිතුණොත් ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුණොත් අනිවාර්යයෙන්ම බාර ගන්නවා.
ධනු විජේරත්න