මම බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හීන දැකපු කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍යය, සිනමාව තුල තම උපන් හපන්කම් දක්වපු කෙනෙක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. ඉන්න තැන පාලුවක් නැතිව ඉන්න පුලුවන් හරි කටකාර ඒ වගේම කඩවසම් නලුවෙක් තමයි ඔහු. එකිනෙකට වෙනස් වුණු ඔහුගේ රංගනයන් අපිට පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්. මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ ඔහු ප්‍රධාන චරිතයකට පණ පොවනවා.

එකිනෙකට විවිධාංග වූ චරිත අතරින් පුංචි තිරය හැඩ කරද්දී සිනමාව හැඩ කරන සරාගී රංගනයන් අපිට ඉසුරුගෙන් දැක බලා ගන්න පුලුවන්. ඒ ඔහු රංගනය කල වැඩි කතා බහකට ලක් වුණු චිත්‍රපටයක් තමයි ‘ගිණි මල් පොකුරු’ කියන්නේ. මෙහි චුලක්ශි සමගින් ඉසුරු දක්ෂ රංගනයක යෙදුනා.

ඉතින් කලාව හැඩ වැඩ කරන මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියා මුලින්ම හඩකැවීම් ශිල්පියෙක් විදියටත් වැඩ කටයුතු කරලා තිබුණා. ඉතින් මාතර ඉපදුනු ඉසුරු කොළඹට ඇවිත් අද වනවිට රටක් ලෝකයක් දන්න දක්ෂ කලා කරුවෙක් වෙලා. ඉතින් ඉස්සර බැට්‍රියෙන් ගුවන් විදුලිය අහගෙන හිටපු ඉසුරු අද ගුවන්විදුලියේ ඉන්නවා. ඉතින් ඒ ගැන ඔහු සතුටින් තමයි සිටින්නේ.

යුධ හමුදා නිලධාරියෙක් විදියට 2003 වසරේ වසරක පාථමාලාවක් හදාරලා ඔහු මුලින්ම වැඩ බාරගන්නේ අනුරාධපුරයේ. ඉතින් ඒ තුලින් ඔහු වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම වැනි ගුණාංග යන සියලු ගුණාංග ඔහු එතැනින් තමයි පුරුදු වෙලා තියෙන්නේ.

” මම මාතර නිදන්ගල කියන ගමේ ඉපදුනේ. ඉස්කෝලේ ගියේ මාතර රාහුල විද්‍යාලයට. අපි ඉස්කෝලේ ගියේ බස් එකේ. උදේ 6.30ට විතර බස් එක ගියේ. මම ඉස්සරෝම බස් එකේ බැට්‍රි පෙට්ටිය උඩ ගියේ. මගේ ජීවිතයේ තාත්තට පස්සේ මගේ ලෝකේ වීරයා තමයි අපේ පාරේ බස් එකේ ඩ්‍රයිවර්. මම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හීන දැකපු කෙනෙක්.”

ඉතින් මේ විදියට තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.