මම නම් කීවේ දැන් මේ වයසත් එක්ක මට මේක කරන්න බෑ කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මම සුබපතන්නේ මගේ පරම්පරාවට කළ නොහැකි වුණු දෙයක් තරුණ පරපුර මේ විදියට අඛණ්ඩව පවත්වාගෙන යන එක ගැන...."
 
"ආදරණීය තරුණ දරුවො තමන්ගෙ අනාගතය ,තමන්ගේ හෙට දවස වෙනුවෙන් පාරට බැහැලා ඉන්නවා...."
 
හිරු ටීවී ඔස්සේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි කියන්නෙ කවුරුත් ඉතාමත් ආදරෙන් නරඹන, රසවිඳින නිර්මාණයක්.
 
එය දවසින් දවස අලුත්වන නිර්මාණයක් කීවොත් හරි. ඒ නිසාම ආරම්භයේ පටන්ම ඊට හිමිවෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.
 
සයුරත් එක්ක සුන්දරව ගලාගෙන යන මේ කතාවට පණ දෙන්නෙ අපේ කලා පරපුරේ දක්ෂ ,ජනප්‍රිය ඒ වගේම ප්‍රවීණ පිරිසක්. විශේෂම දේ තමයි මෙහි රංගනයේ යෙදෙන ප්‍රවීණ පිරිස් වගේම මෑත කාලීනව කලාවට පිවිසි ජනප්‍රිය තරු රැසක්ම රැල්ල වෙරළට ආලෝකයක් ලබාදෙනවා.

සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වන ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලකයන්ගේද රංගන දායකත්වය පහුගිය දිනවල අපිට දකින්න ලැබුණා.
 
එවැනි දැවැන්ත රංග පෞරුෂයක් එක්ක වැඩ කරන්න ලැබීම අපේ නව පරපුරට ලැබුණු වාසනාවන්ත ,මහඟු අවස්ථාවක් බවට සැකයක් නෑ.
 
ඔන්න ඉතින් අද රැල්ල වෙරළට ආදරෙයි එක්ක ආදරෙන් ආලින්දයේ අසුන් ගන්නා ඔබට තවත් අලුත් අත්දැකීමක් විඳගන්න හැකියාව ලැබෙනවා.
 
මේක ඉතාමත් සුවිශේෂි වන්නේ සෑහෙන කාලයකට පස්සෙ එදා සිංහල සිනමාවේ අපි දුටු සොඳුරු රංගන ශිල්පියාගේ අපූරු නර්තනයන්, අද ඔබට පුංචි තිරය ඔස්සේද දැකගැනීමට හැකියාව ලැබෙන නිසයි.
 
මේ ගැනත් වත්මනෙහි රටේ පවතින තත්වයත් එක්ක කලාව හැප්පෙන හැටි ගැනත් කතා කරන්න ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලකයන්ව සොඳුරු කතාබහකට එකතු කර ගත්තා.
 
තවමත් නොනවතින අරගලයක නියැලෙන පිරිස ගැන කතා කරලම ඔහු අපේ කතාවට ආරම්භයක් ගත්තා, 
 
මේ මොහොතෙත් මගේ රටේ මිනිස්සුන්ගෙ ජන ජීවිතය උඩු යටිකුරු වෙලා තියෙන්නෙ. 
 
එහෙම වෙන්න හේතු මොනවද ඇයි එහෙම වුණේ කියලා මම අමුතුවෙන් පහදන්න ඕනි නෑ කියලා විශ්වාස කරනවා. මම ජීවත් වුණු කාලය වැඩියි. ඉස්සරහට ඉන්න තියෙන කාලය අඩුයි. ඉතින් මේ කාලේදි මගේ ඇස් වාසනාවන්ත වෙලා තියෙනවා අපේ රටේ දේශපාලනයේ එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරන අයුරු දකින්න. 
 
ආදරණීය තරුණ දරුවො තමන්ගෙ අනාගතය ,තමන්ගේ හෙට දවස වෙනුවෙන් පාරට බැහැලා ඉන්නවා. හෙට උපදින්න ඉන්න පුංචි දරුවො වෙනුවෙන් පාරට බැහැලා ඉන්නවා. මම නම් හදවතින්ම සතුටු වෙනවා මේ අවිහිංසක ඒ වගේම නිර්පාක්ෂික, ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලය ගැන.
 
මම සුබපතන්නේ මගේ පරම්පරාවට කළ නොහැකි වුණු දෙයක් තරුණ පරපුර මේ විදියට අඛණ්ඩව පවත්වාගෙන යන එක ගැන.
 
රටේ මේ විදියට වාතාවරණයක් පවතින කාලයකයි, ඔහු රැල්ල වෙරළට ආදරෙයි එක්ක ආදරෙන් එකතු වෙන්නෙ,
 
ඉතින් රටේ මේ වගේ තත්වයක් උඩ තමයි අපිට කලාව කරන්න වෙලා තියෙන්නෙ. 
 
ඒකෙන් කියන්නෙ නෑ කලාකරුවාට රටේ තියෙන වාතාවරණය නොතේරෙන බවක්. මොකද මේ වෘත්තිය ඇතුළෙ අපිට හිනාවෙලා ඉන්න වෙනවා. වෙලාවක සිංදු කියන්න නටන්න වෙනවා. තවත් වෙලාවක අඬන්න වෙනවා. ඒක මේ වෘත්තියේ ස්වභාවය මිස ඇත්තටම අපි සතුටින් සිටීමක් නොවන බවත් කියන්න ඕනි. 
 
රැල්ල වෙරළට ආදරෙයි මේ ටෙලි සිත්තම එක්ක එක්කහු වෙන්න ඉස්සර ඉඳලම මම මෙහි හොඳ රසිකයෙක්. 
 
ඇතැම් අවස්ථාවල මම නිර්මාණය සහ මෙහි නිර්මාණකරුවන්ව අගයන ගමන්ම අඩුපාඩු මොනවද තවත් එකතු වෙන්න ඕනි මොනවද කියන එක ගැනත් කතා කරලා තියෙනවා. 
 
මතක් කරන්න ඕනි මෙහි අධ්‍යක්ෂ නිවන්තව. ඔහු විශේෂයි මේ කතාබහේදී. 
 
ඒ වගේම මහේන්ද්‍ර ,බිමල්,දර්ශන,කුමාර තිරිමාදුර වගේ ප්‍රවීණ පිරිසත් රන්දික , කෝකිල, අමන්දා,දසුනි,චතුර වගේ අපේ දක්ෂ තරුණ පිරිස එක්කත් මම බොහොම ලෙන්ගතුව නිර්මාණය ගැන කතා කරලා තියෙනවා. 
 
ඊට පස්සෙ ඔවුන් අතරින්ම ආව ආරාධනයක් අනුවයි මම නමින් මේ නිර්මාණය තුළ චරිතයක් ලියවෙන්නෙ. කියන්න ඕනි විශේෂයෙන්ම මේ නිර්මාණය ඇතුළෙ ඉන්න හැමෝගෙන්ම මට ලැබුණෙ ගෞරවනීය ආදරයක්. ඒ වගේම විශාල සහයෝගයක්. කාර්මික ශිල්පීන් තුළ පවා ඒ ආදරය සහ සහයෝගය මම දැක්කා. 
 
මමත් දේවල් ඉගෙනගත්තා අපේ මේ තරුණ පරපුරෙන්. ඉතින් මට ලැබුණු ආරාධනය අනුව මම ඊට අදාල චරිතය සතුටින් කළා. නැවත මට යම් තැනකදී නිර්මාණයට සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණොත් ඒ වෙනුවෙනුත් සූදානමක් මට තිබුණා.
 
ඒ විදියට නිර්මාණය ඇතුළෙ හමුවෙන ඔහු අලුත් මුහුණුවරකින් අද ආලින්දයට පිවිසෙනවා, 
 
ඉතින් ඔය විදියට නිර්මාණය ගලාගෙන යද්දි සහ මේ පවතින අරගල සියල්ල අතරෙ මට නැවත ආරාධනයක් එනවා මගේ මිතුරා ඒ කියනනෙ වීරවර්ණ හිරෙන් නිදහස් වෙලා එනකොට එදාට පවත්වන්න සූදානම් කරලා තියෙන ප්‍රීති සාදයට සම්බන්ධ වෙන්න. 
 
දැන් මේ වීරවර්ණ සහ රත්තරන් කියන්නෙ සදාකාලික මිතුරන් දෙන්නනෙ. 
 
එතකොට ඔහුට ඇපයට අත්සන් කරන්නෙත් මම. 
 
ඉතින් මේ ප්‍රීති උත්සවය ටිකක් විශේෂ එකක් වෙනවා. මොකද ගීතයක් ගැයෙනවා සහ නර්තනයක් ඊට අනුරූපව නිර්මාණය වෙනවා. මට මේ ආරාධනය ලැබෙන්නෙ ඒකට.
 
මම නම් එක හෙලාම කීවේ දැන් මේ වයසත් එකක් මට මේක කරන්න බැරි බව. 
 
නමුත් ඔවුන්ගේ දැඩි ඉල්ලීමත් එක්ක මම ඊට එකතු වෙනවා. නිර්මාණය ඇතුළෙ පිරිසගෙන් ඊට ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් මට ලැබෙමින් පවතිනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස මේක කොහොම බාරගනීවිද කියන දේ මම දන්නෙ නෑ. හිතනවා හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.
 
ඊළඟට අපි කතා කළේ මේ ගීත නිර්මාණය ගැන,
 
මේ ගීතය ගායනා කරන්නෙ සුනෙත් උදයරත්න එක්ක පවනි පෙරේරා. එතකොට මේ ගීතය ලියවෙන්නේ දුමින්ද අතින්. තනුව සහ සංගීත අධ්‍යක්ෂණය අශාන් ප්‍රනාන්දුගෙ. හිරු ටීවි නිෂ්පාදනයක් විදියට එළියට එන මේ නිර්මාණයේ නර්තන නිර්මාණය රසිකගෙ. මම ඔහුට විටෙක ස‍රෝජ් ඛාන් කියලත් කීවා. මම මේ තරුණ දරුවො එක්කත් සෑහෙන්න කතා කළා නිර්මාණය ගැන.
 
ඒ වගේම තමයි අමන්දා ඇතුළු අපේ අනිත් දැරියන්ගෙනුත් මට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා මේ වෙනුවෙන්. මගේ මොනවම හරි වැරැද්දක් අඩුපාඩුවක් තිබුණා නම් ඒකත් ඒ අයගෙන් වැහිලා යයි. 
 
රැල්ලත් එක්ක එකතුවෙලා ඉන්න මම හරිම කැමති දක්ෂ රංගන ශිල්පිනියන් පිරිසක් ඉන්නවා අපි කවුරුත් දන්න. නිමන්තවත් ,තිර රචක අරුණවත් මට ඔවුන් එක්ක නම් දර්ශන තලයේ රඟපාන්න අවස්ථාවක් දීලා තිබුණෙ නෑ. 
 
එතකොට ඇමැතිවරු දෙන්නා වන කුමාර සහ පැන්ටලින්වත් උන් දෙන්නගෙ බඩියවත් මට අමතක කරන්න බෑ..
 
අරුණ, ඒ කියන්නෙ අපේ තිර රචක ගැන කතා කළොත් රටේ දැන් තියෙන තත්වයට සමගාමීව ඔහු ලියන ලියවිල්ල විශිෂ්ටයි. ඒ දෙබස් ඉස්තරම්.
 
හැබැයි මට දුක තියෙන්නෙ තිරිමාදුරට 'කිඹුලා' කියන එක ගැන...
 
සුන්දර සිනහවකුත් එක්කයි ඔහු ඒ කතාව නම් කීවේ...
 
මේ, නිර්මාණයත් එක්ක එකතු වුණු ඔහුගේ සොඳුරු රූ එකතුවක්...