මම දැන් දෙපාරක් ලංකාවට ආවා, ඇත්තටම මේක හරිම සුන්දර රටක්-ඉන්දියානු සුරූපී නිලි පල්ලවී සුභාෂ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කෙනෙක් නොවුනත් දැන්නම් නිතරම අහන්නට දකින්නට ලැබෙන නමක් තමයි පල්ලවි සුභාෂ් කියලා කියන්නේ. ඉතින් ඉන්දියානු ටෙලි නාට්‍ය හරහා කලාවට අවතීර්ණ වන ඇය අපිට සමීප වන්නේ දෙරණ නාලිකාවේ සිංහලෙන් හඬකවා විකාශනය කළ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ අශෝකගේ මව හෙවත් රාණී ධර්මා විදිහටයි. නමුත් නිරූපණ ශිල්පිනියක් විදිහට ගමන ආරම්භ කරන ඇය ටෙලිනාට්‍ය නිළියක් මෙන්ම සිනමා නිළියක් විදිහටත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා. ඉතින් අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයෙන් පස්සේ ඇය ගැන අපේ රටේ වැඩිපුර කතා වෙන්න පටන් ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිමීබාදේවී හෙවත් යශෝදරා සිනමාපටයේ යශෝදරා දේවියගේ චරිතය හරහායි.

ඉතින් ඇය දැන් නැවතත් වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයකින් රසිකයන් අතරට ඇවිත් තියෙනවා. ඉතින් ඒ තමයි දකුණු ඉන්දීය සහ ශ්‍රී ලාංකීය හවුල් නිෂ්පාදනයක් වන සෙකන්ඩ් ෂෝ නමැති සිනමාපටය ඔස්සේ. ඉතින් මෙයට ලාංකේය සිනමාවේ සිහින කුමරා විදිහට හඳුන්වන හේමාල් රණසිංහත් රංගනයෙන් දායක වනවා. ඉතින් ඇය පසුගිය දවස්වල සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලංකාවට ඇවිත් තිබුණා. ඉතින් ඇය එහිදී පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇය ලංකාවට ආපු දෙවන අවස්ථාව තමයිලු මේක. මුලින්ම ඇය ලංකාවට ආවේ සුනිල් සර්ගේ යශෝදරා සිනමාපටයේ රූගත කිරීම්වලට කියලයි ඇය කියන්නේ. ඉතින් ඒක ඇත්තටම ඇයගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම සෙකන්ඩ් ෂෝ හි ඇයගේ චරිතය වෙනස්ම එකක් කියලත් ඇය කියනවා. ඒ වගේම රූගත කිරීමීවලදී නළු නිළියන්ගෙන් පවා හොඳ සහයෝගයක් ඇයට ලැබුණාලු. විශේෂයෙන්ම හේමාල් රණසිංහ මතක් කරන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඇත්තටම අපූරු රංගන ශිල්පියෙක් කියලත් ඇය කියනවා. ඇයත් සමඟ හරිම සහයෝගයෙන් වැඩ කරාලු. ඒ වගේම ඔහු හරිම කරුණාවන්තයි කියලත් ඇය කියනවා. ඉතින් ඇය ගොඩක් වාසනාවන්තයිලු එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම නිසා. ඉතින් ඒ වගේම ආයෙමත් මෙහෙම අවස්ථාවක් ලැබෙනකල් ඇය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. ඇත්තටම සෙකන්ඩ් ෂෝ කියන්නේ වෙනස්ම විදිහේ ත්‍රාසය කැටිවුණු ආදර කතාවක්ලු. සමහර විට මේක හේමාල්ගේ සිනමා ජීවිතයේ හැරවුමක් වෙන්නත් පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.