මම තාත්තට මගේ ආදරේ ගැන කිව්වා - සජිත ඇන්තනී සංවේදී වෙමින් කියූ කතාව
මේ දවස්වල 'ගාඩි' හින්දම ගොඩක් දෙනෙක් කතාබහ කරන චරිතයක් තමයි සජිත ඇන්තනී කියන්නෙ. සජිතගේ 'ගාඩි' අතිසාර්ථකව තිරගත වන මේ මොහොතෙත් ඔහුගේ පියා ජැක්සන් ඉන්නෙ රෝහල්ගත වෙලා. ඉතින් 'අප්පච්චි'ව සජිතට මතක් නොවෙන දවසක් නෑ. සජිතගේ ගීත නිර්මාණ සියල්ලම පාහේ නිර්මාණය කරලා තියෙන්නෙත් ජැක්සන් ම තමයි.
"මගේ ගීත නිර්මාණ ඔක්කොම රචනා කරලා දුන්නෙ මගේ අප්පච්චි. මිහිරාව ආවා ගීතය ඒ අතරින් විශේෂයි.. විවාහපත් වන දවසේ බුවීට කියන්න සිංදුවක් ලියලා දෙන්න කියලා මම අප්පච්චිට කිව්වා.. අප්පච්චි එදා ඇහුවා 'උඹ මාර කතාවක්නේ කියන්නෙ. උඹ ලියපන් උඹේ ගෑනීට මම ලියලා හරි යනවද' කියලා. මම අප්පච්චි එක්ක ආදරේ ගැන කිව්ව. මගේ ජීවිතේ ට මිහිරක් ආවා කියලා. ඒකෙන් තමා එයා ගීතය ලිව්වේ..."