මම ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන නිසා කොහොම හරි ගුවන් නියමුවෙක් වෙනවා - මිනුක සංයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් ජනප්‍රිය අපූරු චරිතයක් තමයි මිනුක සංයුරු කියලා කියන්නේ. ඉතින් ‘මේක බොන්න ඕන ප්‍රශ්නයක් කියලා’ තමයි ඔහු එක රැයකින් පැය කිහිපයකින් ජනප්‍රිය වුණේ. ඒ වගේම කලුතර ඉපදිලා දැනට ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ඔහු මීට කලිනුත් ගොඩක් දේවල් අත්හදා බලලා පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඒවා හරි ගිහිල්ලා නැහැ.

ඉතින් මේ අලුත්ම වැඩේ ඔහු කරන්න පටන් අරන් තියෙන්නේ මාර්තු මාසයේ. ඉතින් ඒක හරි ගිය නිසා ගොඩක් සතුටුයි කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් ඕනම දෙයක විද්‍යාත්මක පැති දෙකක් තියෙනවා කියලත් මිනුක කියනවා. දැන් ගත්තොත් ‘ගස් අපිව වගා කරන්නත් පුළුවන්’, ‘අපි ගස් වගා කරන්නත් පුළුවන්’ වගේ ඕනම දෙයක හේතු දෙකක් තියෙනවා.

ඉතින් මුලින්ම ටික්ටොක් හරහා තමයි ඔහු වීඩියෝව දැම්මේ. ඊට පස්සේ මුහුණු පොත හරහාත් පළ කරළා ෆලවස්ලා 100ක් හිටපු එක මේ වෙනකොට 50 000ක් වෙලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට ගොඩක් අදහස් තිබුනත් ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය තියෙන නිසා ඒවා වීඩියෝ කරන්න වෙලාවක් නැති එක තමයි දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ.

කොහොම නමුත් කට්ටිය කියනකම්ම ඔහුට තේරුමක් තිබුණෙත් නැහැලු ඔහුගේ කටහඬ මෙච්චර ලොකුවට ජනප්‍රිය වෙලා කියලා. ඊට පස්සෙ තමයිලු ඔහුටත් තේරුණේ ඔහුගේ කටහඬ ගැඹුරුයි නේද කියලා. ඉතින් ඊට පස්සේ වැඩියෙන්ම වයිරල් වුණේ ‘කැමරාවේ ලෙන්ස් එක රවුම් නම් ෆොටෝස් කොටු වුණේ කොහොමද? මේක බොන්න ඕන ප්‍රශ්නයක්’ කියලා අහපු වීඩියෝව.

ඒත් එක්කම සමහරු කියලා තිබුණාලු දැන්නම් බීලාම ඇති වෙලාත් කියලා. ඉතින් ඔහු හිතන්නේ දිගටම හරියට වීඩියෝ කරගෙන ගියොත් වෙනස් වෙන්නෙ නැතුව ප්‍රසිද්ධිය අඩුවෙන එකක් නැහැ කියලාලු. ඒ වගේම කොහොමහරි අමාරුවෙන් වුණත් ඔහු වීඩියෝ කරගෙන මේ ගමන යනවා වගේම අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළටම ගිහිල්ලා ගුවන් නියමුවෙක් වෙන්න තමයිලු ඔහුගේ කැමැත්ත තියෙන්නෙ.